COLOR WINGS -BL 《 part 13 》

102 8 0
                                    

කොහොම හරි ස්පෝට්මීට්එකේ වැඩ ටික ඉවර උනේ රෑ අටට විතර... යාලුවෝ හැමෝම සෙට් උනේ අද පාටිඑකක් දාන්න කියලා... ඒ නිසා කට්ටියම ගියේ රයන් අයියලගේ ගෙදර... මේ වෙද්දිත් එයාලා බෑග් ඔක්කොම පැක් කරලා තිබුනා... ශමේලි ගැන දුකක් දැනුනත් ඒ දෙන්නා වෙන් වෙන්නේ නැතිවෙයි කියලා මගේ යටි හිත කියපු නිසා මම  ඒ ගැන වැඩිපුර හිතුවේ නෑ...

"දේශ්...."

"ම්...."

"මොනවද ඔච්චරටම කල්පනා කරන්නේ...."

" එහෙම මොකුත් නෑ''

''හ්ම්.. වොශ්එකක් දාන් එන්න.. මං බැල්කනි එකට යනවා....''

'' කෝ අනිත් අය... ''

'' එයාලත් එයි ඉක්මනටම...''

''හ්ම්..''

''සීතල නිසා ඉක්මනටම එන්න... හැබැයි ආවේ නැත්තම්නේ''

''හරි හරි විනාඩි දහයයි''

''හ්ම්...''

රයන් අයියගේ සුවද බොඩිවොශ්එකත් හලාගෙන පැය බාගයක් විතර මම නාගත්තා... ඊයේ උදේ ගෙදරින් නෑවට පස්සේ තවම හරියට නාගන්න බැරි උනා... අර පර්ෆියුම් එකට පින්සිද්ද වෙශ්න සුවදට හිටියේ.. අපේ අම්මා එහෙම මං ලග හිටියනම්  මගේ කන් දෙකට කියල ඇබ ගහගන්න වෙන්නේ... බලන්න ගද... තාත්තගේ යුලුවොත් එනවා... ඇයි දරුවො ඔහොම ඉන්නේ... ඔන්න ඔයවගේ කවියක් අහන්න පුලුවන්.. කනට මීපැණි දානවා වගේ ඒතරම් සුමිහිරියි... සුමිහිරි පානය පදමට ගහන්න ඕනි නෑ... අපේ තාත්තා කොහොම ඉන්නවද මන්දා අම්මත් එක්ක... වැඩිය හිතන්න උනේ නෑ රේසරේ දොරට තඩිබානවා... මූ නම් තද පොරක් අප්පා... මේ වැඩේ හරියන්නේ නෑ... මූව බැන්ද දවසට මම ගෙදර ඇවිත් නාගෙන යන්නේ... මූත් එක්ක නාන්න ගියොත් මගේ ඇගේ කුණූ තට්ටු පිටින් අයින්කරන්න වෙනවා සතියකට සැරයක්....

කොහොමහරි බැනුම් දාහක් මැද්දේ නාගෙන එලියට ආවා... දැන්ථමයි මගේ ප්‍රධානතම මෙහෙයුම පටන් ගන්නේ... රේසරේගේ පර්ෆියුම් එක හොයාගන්න එක... උගේ පම් මල්ල ඇදලා ඇදලා හොයාගත්තා බොක්ස් එකක්...

ඔය තියෙන්නේ දිලිසි දිලිසි...

   My lavender🪻

ඔන්න ඔහොම ගහලා තිබුන ලොකු බොක්ස්එකක්... මාරම ලස්සනයි ඒක.. ගැජමැටික් කෑල්ලක් දාලා ඇරගත්තා පෙට්ටිය... පර්ෆියුම් පහක් තියනවා ඒකේ... ඒකම විදිහ හැබැයි තද දම්පාටේ ඉදලා ලා දම් පාටට... ශේප්එකේ ඇද උඩින් තියලා ලා දම් පාට එකේ සුවද බැලුවා... රේසරේ ඉස්කෝලේ එක දවස්වලට ගහන්නේ මේක... දම් පාට වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ සුවද වැඩි වෙනවා... ඒක පුදුම සුවදක්....

COLOR WINGS -BL Where stories live. Discover now