මගේ ජීවිතේ දවස් නවයක් කියන්නේ ඒකාකාරි පැය ගානක එකතුවක් නෙවේ... දුක සතුට බාධක එක එක අභියෝග ලස්සන මතකසටහන් ලස්සන පාඩම් වගේ සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න කාලයක්... ජීවිතේ කිසිම වෙලාවක ඒකාකාරී විදිහට එක දිගට දවස් නවයක් මම ගෙවලා නෑ... ඒත් මම එක දිගට දවස් නවයක් හරි ඉක්මනට ගෙවලා ඉවර කල.... ඒ මගේ ජීවිතේ එක කඩයිමක් ජයගත්තා.. ඇත්තටම මට ඕනි උනේ ඒ නවයක් දාන්න විතරයි... රෑන්ක් දාන්න තරම් ලොකු ආසාවක් නෑ... ඒකට ලොකු හේතුවක් තියනවා... මිනිස්සු... මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක්... අපි පියවරෙන් පියවර හරි අමාරුවෙන් ඉස්සරහට යද්දි ඒකට කකුලෙන් අදින පිරිස හරිම වැඩී... මම රෑන්ක් එකක් දැම්මොත් ලෝකයට ඒක මගේ හැකියාවෙන් ඉහලට ආපු ගමනක් නෙවේ... මගේ තාත්තා දේශපාලනය කරන කෙනෙක් නිසා මම පේපර් හොරකම් කරලා රෑන්ක් දාපු එකෙක් වෙනවා... ඇයි මම මගේ හැකියාව පහලට දාගන්නේ... මම ඕලෙවල් ඒලෙවල් වලින් ලංකාවේ එක දෙක තුන නොවී මට මගේ හැකියාව පෙන්නන්න වෙන ක්රම තියනවා.. ඉතින් ඒ වෙනකන් මම ඉවසගෙන බලාගෙන ඉන්නවා... හැමෝටම හැම දෙයක්ම හරි ඉක්මනට වෙන්න ඕනි නෑ කියලා තියනවනේ... දවස් තිහක් දෙන්නේ මනුස්සයෙක්ට ඒ දවස් තිහේම හොදට මහන්සිවෙලා එක ස්ටෙප් එකක් ඉස්සරහට යන්න... හැබැයි අපිට පුලුවන් දවස් තිහේදි ස්ටෙප් දහයක් ඉස්සරහට යන්න... ඒත් හිමීට යන තරමට අපි අංගසම්පූර්ණ මනුස්සයෙක්... මටත් ඕනි එහෙම කෙනෙක් වෙන්න...
මේ තරම් දේවල් මම ඉගෙනගත්තේ රයෝද් අයියගෙන්... මේ ගෙවුන මාස ගානටම එයා ජීවිතේ ගැන හරි ලස්සනට මට කියලා දුන්නා... හීන ලෝකෙක ජීවත් උන මට මේ ලෝකෙ පයගහලා ජීවත්වෙන්න කියලා දුන්නේ එයා... ඒ වගේ පාට්නර් කෙනෙක් ඕනම මනුස්සයෙක්ගේ ජීවිතේට ආවොත් ඒ මනුස්සයා හරි ලස්සනට හිත හයිය කරගෙන ජීවත් වෙනවා....'' අයියේ....''
''ඇයි''
''මේ ගාන හදලා දෙන්නකෝ....''
විභාගේ ඉවරවෙලා දවසයි ගියේ තවම... මගේ පොත් ටික කෙලින්ම මම අපේ නංගිගේ කාමරේට ට්රාන්සර් කරලා මම ඒලෙවල් වලට කාමරේ හදාගත්තා... හදාගත්තේ නෑ... හදාගන්න පොත් මේසේ හිස් කරා... ඒ අස්සේ තමයි මම ඉතින් මනෝ ගහන්නේ... එක අතකට ඒක මගේ හොබී එකක්... සෑහෙන දේවල් ගොඩක් මනෝ ගහලා ඒවා ඇත්ත කරගන්න දගලනවා... එහෙමත් නැත්තම් ඉස්සරහට වෙන්න තියන දෙයක් ගැන දුර හිතලා කල්පනා කරනවා... රයෝද් අයියනම් කියන්නේ මම ඕවර්තින්කර් කෙනෙක් කියලා.. අනේ මන්දා ඉතින්... ඕවා හිත හිත ඉද්දි අර හොල්මන ගනන් කියලා දෙන්නත් කිව්වනේ...
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...