රයන් අයියලා අද තමයි ලංකාවෙන් යන්නේ... එදා එයා අපේ ගෙදර ආවට ශමේලි එක්ක කතා කරන්න උනේ නෑනේ... ඒ නිසා ඒ දෙන්නට ටිකක් කතා කරන්න ඕනි නිසා මං ශමේලිවත් එක්කගෙන ගියේ එයාපෝට්එකට...
රයන් අයියා ඇත්තටම හරි කඩවසම් කොල්ලෙක්... ඒවගේම තමයි ඉගෙනීම අතිනුත් සුපිරී... ඉතින් ඒවගේ කොල්ලෙක්ට නංගිව දෙන එක ගැන ලොකුවට හිතන්න ඕනී නෑ... කොහොමහරි රයන් අයියලගේ යාලුවෝ හැමෝමත් ගෙදර ගියාට පස්සේ මමත් නංගිව එකතුකරගෙන ආපහු ගෙදර ආවා... දැන් නම් සතියක් දෙකක් විතර ඉදලා මමත් පොතක් අතින් අල්ලලා නෑ... එකොලහේ පලවෙනි වාරේ නිසා නටන එක පැත්තකින් තියලා එක්සෑම්එකට මහන්සිවෙන්න ඕනි...ගෙදර ඇවිත් වොශ්එකක් දාලා හුග දවසක ඉදලා මිස් උන මගේ පේන්ටින් වැඩ ටික කරන්න පටන්ගත්තා... නිකන් ඉන්න වෙලාවට විතරක් නෙවේ ගොඩක් වෙලාවට මම මගේ මයින්ඩ්එක සෙට් කරගන්න ඛරන වැඩක් ඒක.. පැයක් විතර පේන්ටින් කරලා ආපහු ඇවිත් මම ඉදගත්තේ පාඩම්වැඩ බලන්න... මැත්ස් කියන්නේ මට නතින්... ඒ නිසා මම මැත්ස්වලට ලොකු අවධානයක් දෙන්නේ නෑ... ඉතිහාසය සිංහල බුද්ධාගම කියන සබ්ජෙක්ට් තුනට තමයි මම වැඩි අවධානයක් දෙන්නේ... බුද්ධාගමම ලකුණු අඩුවෙනවා කියන්නේ අපේ අම්මගේ ඇග ඇතුලේ ඉන්න යකා එලියට පනිනවා... ආය බලි තොවිලයක්වත් කරලා ඒ යකාව පන්නන්න බෑ... අල්ලපු ගෙදර අක්කා පැනලා ගියත් අන්තිමට වැරද්ද එන්නේ මට මොකද ඒ අක්කා පැනලා ගිහින් තියෙන්නේ මගේ බුද්ධාගම පේපරේට ලකුණු අඩු උනා කියලා... සැක් ... අපේ අම්මගේ යකා නිදිකරවලා තියන තරමට අපි හැමෝටම යහපතයි...
පාඩම් කිරීමේ ආරම්භය බුද්ධාගම පොතෙන්ම පටන්ගත්තා... හැමදාම මුල ඉදලා පාඩම් කරලා දැන් මුල ඒවා තිත්තයි මට... ඒ නිසා අන්තිම පාබමේ ඉදලා පටන්ගත්තා... මගේ පාඩම් කිරීමේ සිස්ටම්එක ටිකක් වෙනස් මම හිතන්නේ හැබැයි චුට්ටම චුට්ටක්...
මුලින්ම මම කරන්නේ පාඩම නිකන් ලාවට වගේ කියවනවා... ඇයි ඉතින් හාමුදුරැවේ කට කැඩෙනකන් ඉගැන්නුවට අපි ඕවා අහන්ඉන්නවද නෑනේ... මම නම් මනෝ පාරක් ගහනවා සුපිරියට... කොහොමහරි ලාවට වගේ පාඩම කියවලා ඉවරවෙලා කොලයක් අරන් පාඩමේ නම ලියලා වැදගත් කරුණු සෙට් එක කොලේ ලියාගන්නවා... පාඩමේ අන්තිම වශයෙන් මගේ කාමරේ තියලා තියන අපේ අම්මගේ වල් ගහට අර ශෝට්නෝට් ටික බලන්නේ නැතුව කියනවා... එතකොට මතකයි... ඊටත්පස්සේ ඔය අන්තිමට තියන ගාථාව... බොහොම අමාරුවෙන් පාඩම් කරගන්නවා... ඒකත් තාලෙකට කියලා වෝයිස්එකක් දාගෙන හැමවෙලේම මන්තරේ වගේ අහනවා... එක්සෑම් කාලෙට මගේ ප්ලේලිස්ට්එක මොකෙක්හරි ඔන්කලොත් මට හතරවිලි ලැජ්ජයි... ඒකේ තියෙන්නේම සිංහල කවි සෙට් එකයි බුද්ධාගම ගාථා සෙට්එකයි... ඉගෙනීම වෙනුවෙන්නේ මේ හැමදේම කියලා මම ඔය වැඩේ කරනවා...
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...