COLOR WINGS / PASTEL WINGS-BL

168 6 0
                                    

මට හිතුනා කතාව ගැන පුංචි දෙයක් කියන්න... මොකද මම සහ ඔයාලා බලාපොරොත්තු නොවුනු අවසානයක් තියෙන්නේ...

● මගේ පැත්තෙන් ගත්තොත්

මම ඒක ගේ කතාවක් කියෙව්වා... මට හිතුනා ඒ නිසා ඒවගේ කතාවක් ට්‍රයි කරොත් හොදයි කියලා... ඉතින් මම යම් යම් සිදුවීම් ටිකක් කතාව ගොඩ නගන්න හිතාගත්තා

1 රිලැක්ස් එකේ ආතල්ව ජීවිතය ගෙනියන කොල්ලෙක් ගැනයි සැනසීමක් නැතුව ජීවිතේ විදවපු කොල්ලෙක්..
2 බාධක නැති ලස්සන ආදරයක්...
3 සමාජයට මොකක්හරි හොද පණිවිඩ ටිකක්  කතාවෙන් කිවෙන එක
4 සැනසීම නැති චරිතය මැරෙන එක

ඉතින් ඔය කරුණු ටිකට ගැලපෙන්න මම එහිසෝඩ් 18ක  කතාවක් ගොඩ නැගුවා... මගේ හිතේ තිබුන විදිහටම කතාව ගලාගෙන ගියා...

මේ කතාවේ පලවෙනි කොටස් දෙක දාලා මම බැලුවේ මට නරක කමෙන්ට් එයිද කියලා... අපි හැමෝම මේ වගේ කතාවලට කැමති නෑනේ.. ඉතින් මම හිතුවෙ නැති විදිහට ඔයාලා කතාව ඇක්සෙප්ට් කලා.... ඉතින් ඒ නිසා දිගටම මම කතාව ඔයාලට දෙන්න හිතුවා...

කතාවෙ අන්තිම කොටස දුන්නම මම සප්රයිස්... ඒ කියන්නේ සුපිරියටම... මම නොහිතපු විදිහට ඔයාලා කතාව කියවලා ලස්සන කමෙන්ට් ගොඩක් දාලා තිබුනා...
I couldn't believe it... there were so many beautiful comments.. I was very surprised... I felt that I was somewhat successful as an author... I love the love so much....


● ඔයාලගේ පැත්තෙන් ගත්තොත්;

ඔයාලා බලාපොරොත්තු නොවුන අවසානයක්.... ඒවගේම පොඩි කොටස් ගානකින් ඉවර වුන එක... ඔයාලට සප්රයිස්...

අනිත් විශේෂම දේ තමයි කතාවේ ප්‍රධාන චරිත දෙකටම කිසිම සාධාරණයක් නෑ...
මට ඕනි උනේ මේ දේ...

අපේ ජීවිතවල ඇති තරම් මිනිස්සු ඉන්නවා සාධාරණ දේවල් වලට කතාකරන්න... ඒත් අසාධාරණයක් උනාම කව්ද කතාකරන්නේ... අසාධාරණය වෙනුවෙන් කතාකරන මනුස්සයට වෙන්නේ තමන්ටයි තමන් ලග ඉන්න අයටයි අමාරුවේ වැටෙන්න...
රයෝද් වෙනුවෙන් කතාකරන්න යන ශමේල්ට  එයාගේ පවුල නැති වෙන්න උනත් පුලුවන්...

චරිත දෙකට සාධාරණයක් නොවුනට

               රයෝද් දේශ්

කියන ආදරණීය අසම්මත ලෝකය විසින් අසාධාරණයටත් සමහර වෙලාවට උදව්කරනවා කියන හැම පණිවිඩයක්ම දෙනවා...

මම කතාව ගොඩක් දිගට ඇද්දොත් කතාවේ රසය බාල වෙනවා... මේ කතාවට එහෙම උනේ නෑ කියලා මම හිතනවා.. මොකද කතාවට ගැලපෙන විදිහට ගානට ඉවරකරපු නිසා...

Part 02
එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා.. රයෝද්ට පන දෙන්න බැරි නෑ මට.. එහෙම උනොත් කතාවේ චරිත මනඃකල්පිත වෙයි... රයෝද් ශමේල් කියන චරිත මම මැව්වට ඒ චරිතවල සිදුවුන හැමදේම ගොඩක්වෙලාවට ලංකාවේ මිනිස්සුන්ගේ සමහර ජීවිතවලට සමානයි.. ඔයවගේ චරිත මේලෝකේ අනිවාර්යයෙන්ම තියනවා... ඉතින් මේ කතාදෙක සම්පුර්ණයෙන්ම ඉවරයි... ආපහු කිසිම කොටසක් නෑ...

මම වෙන BL කතාවක් අරගෙන එන්නම් ඉක්මනටම...

එහෙනම් පරිස්සමට ඉන්න
ආදරෙයි💙

COLOR WINGS -BL Where stories live. Discover now