🍷🕊
අදත් ඉතින් සුපුරුදු පරිදි ඉස්කෝලේ ගිහින් ගෙදර ආවා... ඒත් හවස ක්ලාස්... ගියසතියේ කරපු මෙලෝ දෙයක් මතක නෑ.. ඒනිසාම වොෂ් එකක් දාගෙන අම්මට කියලා බතුත් කවාගෙන පොත් ටිකත් අරන් මේසෙන් ඉද ගත්තා... ඒ වෙලාවේ මගේ ඔලුවට එක පාරටම ආවේ අර රේසරේ උදේ කියපුවා...
"දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ....
මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා""තමුසේ මැරෙනවා මැරෙනවා ගාන්නේ හැම රෙද්දටම.... ඇයි උබ මැරෙන්න ඔච්චරටම ආසද...."
"ඉස්සර නම් ඔව්... ඒත් දැන් නෑ...
ඒත්....""ඇයි ඒත් කියලා නැවැත්තුවේ..."
"It depends on one's answer"
"කාගෙද"
"හිතලා බලන්න දේශ්.... ඔයාට උත්තරේ ලැබෙයි... ලැබුනොත් මට කියන්න අනිවාර්යයෙන්ම... එතකන් මං ඒ බලාපොරොත්තුවෙන් ජීවත්වෙනවා....
මං යනවා...."ඇත්තටම මොකක්ද එයා ඒ අදහස්කලේ....
ඔයාගෙ වෙන්න කියන්නේ මොකක්ද... ඔයා මම අපි එහෙම සම්බන්ධයක්ද... ඒත්... හරියට නිකන් මීපැටියයි සුදු අයියයි වගේ... මං වෙන්න ඕනි ඔයාගේ කියලද ඔයා කියන්නේ...
ශමේල්ගේ හදවතේ ලියන්න ඕනි ආදරේ කරන කෙල්ලෙක්ගේ නමක්ද කොල්ලෙක්ගේ නමක්ද....
මගේ උඩ හිත ඇත්ත කියන්නේ නෑ මට... මාව සනසවනවා... ඒත් යටි හිතින් ඇහුවොත්....
මං ඒ දේවල්වලට කැමතිද...
මට රයෝද් අයියා ගැන හැගීමක් තියනවද... හැගීමක් තිබුනත් නැතත් මං එයා වෙනුවෙන් ඉන්නවා.... මට එයා ගැන ආදරයක් හිතුනත් නැතත් මං එයා එක්ක ඉන්නවා...
ඔයාගේ උත්තරේ මමද...
ඔයාගේ උත්තරේ මම නොවුනත් මම ඔයාගේ හැම උත්තරයක්ම මම කරගන්නවා...පැයක් විතර හිතලා හිතලා රයෝද් අයියට මැසේජ්එකක් දැම්මා...
" ඔයා කිව්වා නේද මෙහෙම
දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ....
ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න....
මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා කියලාඔයාගේ හැම ප්‍රශ්නයකටමඋත්තරයක් වෙන්නම් මම... හැබැයි පොරොන්දුවක් පිට...
ඒ ජීවිතේ ඇති කියලා හිතෙන හැම වෙලාවකම ශමේල් වෙනුවෙන් මං ජීවත්වෙනවා කියලා හිත හදාගෙන ජීවත්වෙන්න ඕනි ....
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...