🍷🕊
කොහොමහරි ඔන්න අද තමයි පොඩු උන්ගේ ස්පෝට්මීට් එක...
අපි ඉතින් ලොකු අයියලනේ ඒනිසා අපි තමයි උන්ව බලාගන්න ඉන්නේ...
සමහර බට්ටෝ දැක්කාම වඩාගෙන ඉඹින්න හිතෙනවනේ...
මේ ඊයේ පෙරේදා දවසක මී පැටියට කිස් එකක් දුන්නා කියලා රයෝද් අයියා දවසක් මාත්එක්ක තරහා වෙලා හිටියා.. පස්සේ මී පැටියගෙයි මගේයි තියන බැදීම ගැන කියලා දීලා කිස් දෙකකුත් දීලා යන්තම් යාලුකරගත්තා... ඒ පාර කියනව මීපාටියා වගේ එයාටත් යාලුවෙක් ඕනි කියලා... අනේ මන්දා මේවා කාට කියන්නද කියලා...
ප්රහේලිකා හදන රයෝද් අයියට මොන මීපැටියොද... අර හැරිපොටර් එකේ රොනුයි උගේ මීපැටියයි වගේ තමයි මමයි මී පැටියයි...කොහොමහරි ඊයේ රෑ කෑවට පස්සේ මම තාම බඩගින්නේ... රයෝද් අයියා හොයන් ගියාම ඌට එතනින් නැගිටින්න විදිහක් නෑ... නිවාස අඩස්සියේ තියලා.. හැබැයි කෑම පෙට්ටියකුයි මයිලෝ එකකුයි දීලා.. ඒ නිසා මං ආපහු ආවා මී පැටියා හොයාගෙන... බොඩි බට්ටෙඈඅ වඩාගෙන නලවනවා..
එක අතකට දැන් ඉදලම ඕවා පුරුදු වෙන එක හොදයි..."ඒ මී පැටියෝ ඔයාට බඩගිනි නැද්ද"
මං ඒක ඇහුවේ මියෝල්ගෙන් උනාට ඒ වෙලාවේ සිද්ද උනේ වෙන දෙයක්... මියෝල් අතේ හිටපු පෝඩි එකා උගේ අහවල්එක අතින් වහගෙන අඩන්න ගත්තා කියහන්කෝ අනේ මගේ මී පැටියට මොකුත් කරන්න එපා කියලා...
මට ඉන්න බෑ යකෝ මේවා බලාගෙන... මම දෙකට තුනට නැවිලා හිනා උනා.. ඔය පොඩි එකාමේ මීපැටියට මොකුත් කරන්න මට ඕනිකමක් නෑ... ඌට වඩා ලොකු එකක් මට තියනවනේ දෙයියනේ...
මේකගේ අම්මා මොකාද.... ශරීර අවයව වලට මීයා කියලා කියන්නේ දෙයියනේ"ශමේල් බලපන් ඉතින් උබත් ඇවිත් මගුලක් කලානේ"
"හිටපන් මං නලවන්න"
එහෙම කියලා මී පැටියා අතේ හිටපු පොඩි එකාව වඩාගත්තා මං..
"මේ බබෝ ඔයාගේ නම කියන්නකෝ"
"චනුල්..
ඔයා මගේ මී පැටියට මොනා හලි කරනවද""අනේ නෑ... අපි මොනාහරි කන්න යමුද "
"හා මතත් ගොදාලියක් බදගිනී"
"ඒකනේ කියන්නේ"
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...