" ඇතුළට එන්න ඉතින් ඔතන හිටගෙන බලන් ඉන්නැතුව "
" ලොකු හාමු. ඇයි මට කතා කරේ "
මන් එදා ඇතුළට ගියත් හරි දැක්කේ ජනේලේ ළග හිටගෙන අතුත් බැදගෙන ඉන්න ලොකු හාමුව .
" ඉද ගන්න "
" මන් මොකක් හරි වැරදි දෙයක් වත් කරාද ලොකු හාමුට "
මන් ඇද කොනෙන් ඉදගෙන එහෙම ඇහැව්වේ මන් මයෙ හාමු එක්කලා වලව්වට ආවත් හරි ලොකු හාමු කතා කරන ඉස්සල්ලාම වතාව නිසා. ඒකත් කිසිම සුහදශීලි කම ගෑවිලාවත් නැති විදිහට වෙද්දී මන් අරහෙම ඇහැව්වේ හිතේ චකිතයකුත් තීයා ගෙන .
" කොහොමත් උබ කරන්න පුළුවන් ලොකුම වැරැද්ද කරලා ඉවරයි. ආයේ ඒ ගැන කතා කරා කියලා ආපස්සට හැරීමක් නෑ උබට. ඔය විදිහට දිගටම පලයන්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි මන් එදත් කිව්වා..... අදත් කියන්නම්. මන් ආයේ උබේ ජිවිතේට ඇගිලි ගගහා ප්‍රශ්නයක් වෙන්නෑ. මගෙ ළමයවත් එක්කන් මෙහාට්ට එන්න. පොඩි මේ වලව්වේ කොහොමත් දැන් ඉන්න එපැයි. මන් කියලත් හැමදාම මේ විදියට ඉන්නෑ නෙ "
" ලොකු හාමු මන් කරපු ලොකුම වැරැද්ද ඔයාගෙ පුතා එක්ක සම්බන්දයක් ඇති කර ගත්ත එකට නම් ඒ දේට මන් ලොකු හාමුගෙන් කලිනුත් සමාව ඉල්ලුවා. මොන ප්‍රශ්නයක් ආවත් ලොකු හාමු මට කොහොමත් බෑ මයෙ හාමු මහත්තයයි දරුවයි අත අරින්න. "
" කොල්ලෝ උබ මගෙන් සමාව ගත්තට වැඩක් නෑ. කවදා හරි දවසක් එනවා. අන්න එදාට උබ පසු තැවෙයි. පොළවේ පස් කන්න හිතෙන තරමට නොසෑහෙන්න පසු තැවෙයි. එදාට මයෙ වචන ටිකත් ආයේ ආයේ උබට මතක් වෙයි "
" ඇයි මන් පසු තැවෙන්නේ "
මන් ඒ මූණට නැඹුරු වෙලා ඇහැව්වත් හාමු මට හිනාවක් දීලා පුටුවෙන් නැගිට්ටා. ඒ ඇස් මගෙ ඇස් දිහා ටික වෙලාවක් යනකම් එක එල්ලේ බලන් ඉදලා ඇස් දෙක පියා ගෙන අතින් නළල මිරික ගෙන ලොකු හුස්මක් පාත දැම්මා වෙද්දී මන් හාමු දිහාම බලන් හිටියෙ මොනාම හරි කියන කම් .
" දැන් ඕවා හිත හිතා හිත කරදර කර ගන්න ඕන්නෑ. ඒ කාලේ ආපුහාම උබ ඇති තරම් විදවපන්කො. දැන් උබ සතුටු වියන්. පුළුවන් උපරිමයෙන් සතුටු වෙවී ජිවිතේ විද විද ඉදපන්. උබ ඔහොම ඉන්න තාක් කල් උබට හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන්. "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -