" කොහෙද දෙයියනේ මිනිහෝ මයෙ පස් එක දාලා තියෙන්නේ තමුසෙලා දෙන්නා "
මන් මෙහෙම උදේ පාන්දරම කෑ ගහන්න කැමතිම . ඒත් ඉතින් මේවගේ වෙලාවක හුරතල් වෙවී ඉන්න බෑ නේ.
හදිස්සියට ගමනක් යන්න ලෑස්ති වුණාම එක්කෝ පස් එක නෑ නැත්තම් වාහනේ යතුර නෑ. මයෙ ඇග කිලිපොලා යන්නෙ මේවට තමයි. මන් ලාවට ලාවට වගේ දැක්කා ඊයේ රෑ චූටි අප්පච්චියි පුතණ්ඩියයි දෙන්නා මයෙ පස් එක ඇද ඇද ඉන්නවා." ඇයි හාමු මහත්තයා දාපු තැනකම ඇති ඕක. පොඩ්ඩක් හෙමීට හොයලා බලන්න හාමු... "
" ඊයේ රෑ එතකොට ඒක බල බල හිටියේ මන්ද නැත්තම් ඔහේද ආ... මයෙ ඔලුව ගිනි අරන් තියෙන්නේ නිලූෂ . මයෙ පස් එක කොහෙද තිබ්බේ ඊයේ රෑ බලලා ආ... "
මන් ආයේ ආයේ මයෙ මනුස්සයට කෑ ගහද්දි තමයි කටත් පියන් කාමරෙන් එළියට යන්න ගියෙ.
" ආ අප්පත්ති..... මේ බාන්තකු අලේ මේත හාන්ති පුතුවේ අත්තේ තිබ්බේ අලේ. එත්තෝ පූතවත් දා ලා වෙ.... "
හොර ගෙඩියා වගේ පූස් පැටියව අහු කරන්න යද්දි මන් ඇසුත් හීනි කරන් බැලුවා විතරයි නුරාද අතේ ඇගිලි ටිකත් මිරික මිරික ටික වෙලාවක් යනකම් බිම බලලා ආයේමත් මයෙ දිහා ඇසුත් ලොකු කරන් බලාන් ඉදලා හෙමීට යන්න යද්දි මන් නුරාදටත් කෑ ගැහැව්වේ එයාගේ චූටි අප්පච්චිටත් එක්ක ඇහෙන්නමයි.
" බොරු කියන උන්ගේ කටවල් වල මන් මිරිස් උලන්නේ මිරිස් "
වාහනේ පාරට දාලා යන්න ගත්තත් හරි නිලූෂයි නුරාදයි නෙවෙයි මීක් ගෑවේ . උදේ නම් මට ටිකක් කේන්ති ගිහිල්ලා තමයි හිටියේ. ඒ ඉතින් මෙයාලගේම වැඩ නිසානෙ .
" මේ රෑට ඇවිදින්න යමුද. කාලෙකින් ඇවිදින්න ගියෙත් නෑ නේ "
මන් අමුතු දෙයක් කිව්වා වගේ පැටියයි මයෙ නිලූෂයි මූණෙන් මූණ බලා ගත්තා.
" හරි මට වැඩ ඉවර වෙද්දී නම් හාමු පහ හය විතර වෙයි. අද අපිට යන්න වෙනවා හිගුරුගොඩ කේස් එකකට "
" ම් හරි එහෙනම් මායි නුරාදයි ඇවිල්ලා ඉන්නම්කෝ ඔයා ඉන්න තැනට "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -