" තත්ද කලන්ත එපා තූති අප්පත්ති... ස්...... "
මන් ඇග පත හෝදලා අපෙ කාමරේට එද්දි පැටියා පස්සත් උඩ දාගෙන බිමට නැවිලා ඇද යට මොනාදෝ බලනවා. කොල්ලගේ උඩ දාන් ඉන්න පස්සට පාරක් ගහපුහාම මයෙ පැත්ත හැරිලා මන් කතා කරන්නත් කලින්ම පැටියා සද්ද කරන්න එපා කියලා කටත් උල් කරන් දබර ඇගිල්ලින් කට තද කරන් ස් ගාද්දී මාත් නැවිල බැලුවේ ඇද යට.
" ඒයි නුරාද මෙහාට්ට එන්න ළමයෝ...."
" අයියූ එලා මොනාත් කලන්තෑ තූති අප්පත්ති...... මන් එලාත තීත් තාල්ලක් දුන්තා . අලේ බිමත බත්තන්ත..... තූති අප්පත්ති..... එලාතත් ඌවා වෙලා අලේ..... බෙයිය දාන්ත ඕලි එලාත "
අතේ තාම වෙලච්චි නැති තුවාලෙත් අමතක වුණු මට නුරාදවත් වඩා ගෙන කාමරෙන් එළියට ආවේ ඇද යට හිටපු නයා දැකලා.
" හාමු....... හාමු.... හාමු "
" අයියූ....... තූති අප්පත්ති එලාව බාන්ත දෙන්තකු "
හාමු නැති නිසා මන් එයාව හොයන්න ගියේ වත්ත පහළට වෙද්දී මන් දැක්කේ කුණු බාල්දියත් අරන් සරමේ කොනකුත් උඩට උස්සන් මේ පැත්තට එන හාමුව .
" පිස්සුද මනුස්සයෝ ළමයා වඩන් ඉන්නෙ. ටිකක් හොද වුණා විතරයි තුවාලේ අමතකත් වුනාද "
" කාමරේ නයෙක් හාමු. නුරාදට එකා දැකලා පිස්සු හැදිලා "
බිමින් තියපු හැටියේ පැටියා මටත් ගස්සන් දුවන්න හැදුවත් ඊට කලින් ඉස්සර වුණු හාමු පැටියගේ කමිසෙන් ඇදලා අරන් හයියෙන් අත අල්ල ගත්තේ පැටියා බිම දිගා වෙවී කෑ ගහද්දි.
" මත යන්ත දෙන්තකූ..... එලාත ඌවා වෙලා හොදතම... අත අලින්ත අප්පත්ති අලේ........ ඈ...... "
" මන් කෝට්ටන් කඩන් පස්ස පුපුරන්න දෙන්න කලින් නවත්ත ගන්නවා ඇඩියාව "
හාමු කොල්ලවත් ඇද ගෙන ගිහිල්ලා කාමරේ දොරකඩ ළග ඉදන් නැවිලා ටෝච් එකන් ගහන් බලද්දී කොල්ලා කිව්වත් වගේ උට තුවාල වෙලා තමයි.
හාමු ඇද ටිකක් මෙහාට්ට කරාට පස්සේ තමයි ඒකා හොදටම දැක්කේ. කහ පාට ලොකු නාගයෙක්. බඩ පැත්ත තුවාල වෙලා. මුගටියෙක් වත් හපලද දන්නෑ.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -