පනස්නමවැනි කොටහා

505 60 18
                                    

අද අප්‍රේල් දහවෙනිදා සිකුරාදා දවසක්. මයෙ පුංචි හාමුගේ හතළිස් වැනි උපන්දිනේ.











" අද කවද්ද නිලූෂ...... "

" අප්පේ නැගිට්ටද මයෙ හාමු. අද නම් සිකුරාදනේ ඉස්කෝලේ නිවාඩු දෙනවා නේද වස්තු..... "

" ම්.... ඔව් ඔව් නිවාඩු තමා "

" මයෙ හාමු මහත්තයාට තමයි උයන්න වෙන්නේ. මන් ගිහිල්ලා එන්නම් "

තාම පාන්දර හතර වුණත් අද කේස් එකේ වැඩක් නිසා කලින්ම යන්න ඕනී. මොකද මට අද කලින්ම ක්වාටස් එකට එන්න එපැයි පොඩි වැඩක් කරන්න තියෙන නිසා.



" පරිස්සමින් ගිහිල්ලා එන්න එහෙනම් මයෙ නිලූෂ.... "

ලොකු හුස්මක් පිට කරපු එයා මයෙ ළගට ඇවිල්ලා මයෙ පපුවේ මූණ ඔබා ගනිද්දී මන් ඒ හිස් මුදුනට හාද්දක් තියලා ඒ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන මයෙ පැත්තට හරව ගනිද්දී ඒ ඇස් දිලිසෙන්න ගත්තේ ලා හිනාවකුත් මූණේ ඇදෙද්දී.



" දොළහට මන් පැටියව ගන්නම්. අද කලින්ම වැඩ ඉවරයි හාමු "

" එහෙමද "

එයා දොරකඩ ළගට වෙලා බලන් ඉද්දි මන් ඉක්මනට කඩුල්ලත් පහු කරන් පාරට ආවා . එන්න කලින් බුදුන් වැදලා වෙනදා වගේම පිරිතුත් කියපු නිසා හිතට දැනෙන්නෙ ලොකු ශක්තියක්.  අවට පරිසරේ අදුර කපාගෙන ආපු බස් එක නතර කරත් හරි මන් ඒකට නැග්ගේ ටිකකට කලින් ඇහුණු උලමෙග්ගේ විලාප හඩකුත් මයෙ කන් වල තාම දෝංකාර දෙද්දී.







" සර් මට කතා කරාද "

" ඔව් නිලූෂ එන්න වාඩි වෙන්න .... මන් හිතුවට වඩා මගෙ අලුත් කොල්ලෝ පස් දෙනාම හරි දක්ෂයි. ඔයා හොයා ගත්ත සාක්ෂි ඊයේ අපි ලොකු සර්ටත් දුන්නා බලන්න. ඒවා නම් ගොඩක් වැදගත් අපෙ කේස් එකේදී.  අපරාද කාරයෝ දෙන්නව තියෙන සාක්ෂිත් එක්ක බෙල්ලෙන්ම අල්ල ගන්න තියෙන්නේ දැන් "

මොන හේතුවක් උඩද දන්නෑ ගයාන් සර් වෙනස් වෙලා.  වෙනදා මූණ මලානිකව තිබ්බත් අද ඒ මූණේ සතුට උතුරනවා වගේ.

" සර් ඒවුනාට  තව එක්කෙනෙක් ඉන්නවා ඔතන මහ මොළ කරු "

" ම්...... කොහොම හරි ඒකවත් බඩුත් එක්කම අල්ල ගමු අපි "

අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now