හැටතුන්වැනි කොටහා

556 64 13
                                    

" අලේ අප්පත්ති...... කු කු යන්ත දෙන්තකු අයියූ......... "




" ඇයි දැන් අප්පච්චිව පැටියට එපා වෙලාද ආ යන්න දගලන්නේ. චූටි අප්පච්චි එක්ක නම් ඉදියි දවසෙම "


" අලේ මත තූ බලයි අප්පා. කෝද ඉතින් ඔලා මාව මිලිකන්තේ ඉන්තෙ අප්පත්ති "



















කොල්ලාට චූ බරේ නිසා තමයි එහෙනම් මෙච්චර මේ කුණු කුණු ගෑවේ. මන් අත ඇරියත් හරි වෙඩිල්ලක් වගේ දුවන් ගියේ ඉස්සරහ මිදුලට. මන් දන්නවා දැන් යන්නෙ රෝස පාත්තියට කියලා. කට කැඩෙන කම් ටොයිලට් එකට යන්න කිව්වට වැඩක් නෑ කොල්ලා චූ කරන්නේ රෝස පාත්තියේ.







" හරිද දැන් සනීපද "


" ඕ අලේ ගුදක් සනීපයි "

දුවගෙන දුවගෙන ආපු පැටියා ආයේ පැන්නේ මයෙ ඔක්කට වෙද්දී මන් පැටියව මයෙ අස්සට ගත්තේ ඒ කම්මුල් වලටත් හාදු දිදී. දැන් දැන් නම් පැටියගේ හුරතලෙත් වැඩි. පැටියගේ චූටි අප්පච්චි වගේ මන් වැඩිය නුරාදව හුරතල් කරන්නැති තරම්. මයෙ පපුව අස්සේ ඔලුව ගහන් හිටපු පැංචගෙ කඩාගෙන හැලෙන සිනිදු කළු කොන්ඩේ මයෙ ඇගිලි ගෙනියන ගමන් මන් කල්පනාවකට වැටුනේ අප්පච්චි අප්පු ගැන නැත්තම් මයෙ පැටියගේ කලින් ආත්මේ ගැන කියපුවා මට මතක් වෙද්දී. ආයේ නම් මයෙ රන් කදට අප්පච්චිලා දෙන්නගේ හුස්ම වැටෙනකම් කොයිම අඩුපාඩුවක් වත් කරන්නෑ.

























" නුරාද..... පැටියෝ කමනි ආච්චි අම්මි තනියම කුස්සියේ වැඩ. මා පුතත් ගිහිල්ලා ආච්චි අම්මිත් එක්ක කතා කර කර ඉන්නකෝ..... "


පැටියා අපෙ කටවල් දිහාම බලන් ඉන්න නිසා මන් පැටියව යැව්වේ කුස්සියේ පැත්තට.









" ඇයි අප්පු පැනලා ගියේ අප්පච්චි "



" කුස්සියේ වැඩ කරන එක ඇත්තටම පොඩි එකෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි පොඩි .  ඉස්සර අපෙ අම්මා පුළුවන් තරම් අප්පුගෙන් වැඩ ගත්තා. අප්පුට අවුරුදු දාසයක් දාහතක් වගේ වෙද්දී වලව්වේ දර පැලුවේ ඉව්වේ රෙදි හේදුවේ ඔක්කොම වැඩ කරේ අප්පු. අම්මා වැඩිය වලව්වේ ඇතුළේ වැඩට වැඩ කාරයෝ ගත්තෙම නෑ අප්පු ඉන්න නිසා. කොහොම හරි උබේ අම්මා මයෙ මැණිකේ මේ වලව්වට ආවයින් පස්සේ තමයි අප්පු පැනලා ගියේ වලව්වෙන්. අපෙ අම්මයි මයෙ මැණිකෙයි අප්පුට වෙනස් කම් අරියාදු කම් කරද්දී උට ඉවසන්න බැරි වෙන්න ඇති පොඩි. කවුද කැමති හැමදාම ගුටි කකා ඉන්න "






අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now