" දැන් ඔක්කොම ටික හරි නේද "
" ඔව් බන්. ඕනී ඒවා ටික සේරම මෙතන තියෙනවා. ගිහිල්ලා දීපන් දැන් ලොක්කට "
" උබලා තුන් දෙනා කිසිම දෙයක් තාම පිටට දෙන්න එපා හරි. මේ වැඩේ ඉක්මනටම ඉවරයක් කරන තරමට හොදයි "
" ඒවුනාට බන් එයා අපි ගැන දන්නවද දන්නෑ නේද "
" සැකයක් තියෙනවා ඇති. ඒවුනාට හරියටම අපි ගැන දන්නැතුව ඇති බන් "
එහෙම කියලා ඕනී කරන සේරම ටික මන් අරගෙන ගියේ ලොකු සර් ළගට. රන්දුනු සර් පේන්නවත් නෑ. පාන්දර ඉදලා වැඩ ටික පටන් ගත්තත් තාම මට නෙවෙයි ක්වාටස් එකට යන්න පුළුවන් වුණේ.
" සර් මන් නිලූෂ. ඇතුළට එන්නද "
" අහ් එන්න එන්න පුතා. මොකද මන් භාර දීපු වැඩේ ඉවර කරාද "
මන් ඇතුළට ඇවිල්ලා පුටුවේ ඉද ගත්ත හැටියේ ලොකු සර් බල බලා හිටපු ෆයිල් එකත් පැත්තකින් තියෙලා එහෙම අහද්දී මන් හිනාවක් දාලා දුන්නේ මන් හොයා ගත්ත සේරම සාක්ෂි ටිකයි ඒ සම්බන්ද ලියකියවිලි ටිකයි.
" සේරම හරි සර්. දැන් තියෙන්නේ දෙන්නම අල්ල ගන්න එක. හැබැයි සර් ගෙදර විතරක් බැලුවේ නෑ තාම "
" ගෙදර පස්සේ බලමු පුතා. ඔක්කොටම කලින් ඕකේ මහ වින්ජෙව අල්ල ගන්න ඕනී. නිලූෂ බලන්න අනිත් එක්කෙනා ගැන. ඔය ටික අරන් යන්න ඕනී දැන්ම පොලිස්පති තුමාව හම්බෙන්න. අපිට පුළුවන් අදම එක්කෙනෙක්ව හරි කොටු කර ගන්න. වින්ජේ කොටු කර ගත්තා නම් හරි "
" ගොඩක් දුරට පුළුවන් වෙයි සර් වින්ජේ අල්ල ගන්න "
" මන් මේ වැඩේ භාර දුන්නේ හරිම කෙනාට. සතුටුයි මට පුතා ගැන ගොඩක්. හිතුවට වඩා ගොඩක් හොදට කරා වැඩේ නම් "
මාත් හිනා වෙලා බැලුවේ සර් දිහා.
දැන් නම් තුනටත් කිට්ටුයි හතර වෙද්දී වත් වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් වුනොත් හොදයි. පාන්දර හතරයි ගානේ ඉදන් එක දිගටම වැඩ කරපු නිසා දැන් නම් හරි මහන්සි. වෙනදට වඩා ගයාන් සර් නම් අද ටිකක් කලබලයි වගේ. මන් දැන් කීප පාරක්ම දැක්කා අරහෙට්ට යද්දිත් ඔරලෝසුව දිහා බලනවා මෙහාට යද්දිත් ඔරලෝසුව දිහා බලනවා. වෙලාවකට ඔහේ කල්පනා කරනවා.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -