සතියකට පසු
" කවුද වින්ජෙගේ කේස් එකේ වැඩේ භාර ගත්තා කිව්ව අලුත් එක්කෙනා "
අපේ ලොකු සර්ගෙන් පොලිස්පති තුමා එහෙම අහද්දී සර් පෙන්නුවේ මාව. කට්ටියක්ම ඉස්සරහ මාව සර් හරි ආඩම්බරෙන් පෙන්නුවත් මට ටිකක් දැනුනේ අපහසුවක්. මොකද මට මෙහෙම ලැජ්ජයි හැමෝගෙන්ම මාවම කැපිලා පේද්දී. මේ සිද්දියෙ අනිත් අපරාදකාරයා ගයාන් සර් . තනිකරම ගයාන් සර් එයාගේ අයියගේ රූකඩයක් වෙලා තිබ්බේ.
" පුතා ලංකාවේ එක්කෙනෙක් නෙවෙයිද "
වැඩි පුරම මයෙ කනට අහන්න අකමැතිම වචන ටික. මන් දන්නවා දැන් මෙතන ඉන්න ඔක්කොමලාටම මාව පේන්නෙ පිටසක්වල ජීවියෙක් වගේ කියලා. එක්කෝ මන් ලොකු බෝඩ් කෑල්ලක් කරේ එල්ල ගන්නවා මන් සුද්දෙක් නෙවෙයි කියලා. දකින දකින මනුස්සයා අහන්නෙම ඕක නෙ
" ලංකාවේ සර් "
මන් එහෙම කියද්දී අපේ ලොකු සර් මොනාදෝ මන්දා කන ළගට පාත් වෙලා මුමුණද්දී ඒ සරුත් ඔලුව ටිකක් හොල්ලලා බැලුවේ මන් දිහා.
" වින්ජෙ නැත්තම් කාවින්ද කියන පාතාල නායකයා ඊළග සතියේ සිකුරාදා එල්ලුම් ගසට නියම කරලා තියෙනවා පොලිස් නියෝගය මත . ගෝලයෝ ටිකට ජිවිතාන්තේ දක්වා බන්ධනාගාරයේ. එතකොට ගයාන් අනුජ. එයා ගැන කිව්වොත් එයත් මේවට සම්බන්ද වෙලා තියෙන නිසා අපි එයාටත් ක්‍රියා මාර්ගයක් අරන් තියෙන්නේ නේද සර් . ගයාන්ට ආයේ ජීවත් වෙන්න පුළුවන් වුනොත් එයාගේ නිළ තල ඔක්කොම ටික අත් හිටුවලා කිසිම රස්සාවකට යන්න බැරි වෙන්න නියෝග සහතිකයක් අපි එයාට දෙනවා. මින් පස්සේ ආයේ එයාට කිසිම පිළි ගැනීමක් නෑ සමාජෙන් "
මට ඉබේටම බැලුනෙ අපිට ඉස්සරහින් ඉදගෙන ඉන්න රන්දුනු සර් දිහා. මට තේරුණා රන්දුනු සර් මේ දවස් ටිකේම මාත් එක්ක හිත හොදින් නෙවෙයි හිටියෙ කියලා. දැන් වුණත් සර්ගේ මූණේ ඒ හැටි හොදක් නෙවෙයි පේන්න තිබ්බේ. මන් ඊයෙත් හාමු එක්ක දවල් ගයාන් සර්ව බලන්න ගියත් තාම සර් ඉන්නෙ කෝමා තත්වේ. දිනුල නම් හැමදාම උදේ හවා ගයාන් සර්ව බලලා යන්න එනවා.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -