01

205 23 8
                                    

.

.

.

හ්ම්.. ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක්. අපි කොහොමටවත්ම හිතන්නෙවත් නැති දේවල් තමයි ගොඩක් වෙලාවට අපේ ජීවිත වල සිද්ද වෙන්නෙ.

මීට අවුරුදු අටකට විතර කලින් මන් සාමාන්‍ය පවුලක නිකන්ම කොල්ලෙක්..
ඒත් අද.. අද වෙනකොට මම හැමෝම වගේ ආදරේ කරන ලෝක ප්‍රසිද්ධ තරුවක්.

මම කවුද කිවුවොත්..

මම ව'ල්ඩ් ෆේමස් බෝයි බෑන්ඩ් එකක් වෙන බීටීස් කේපොප් ගෘප් එකේ දෙවනියට පොඩිම සාමාජිකයා, කිම් ටේහියුන්.

ඇත්තටම අද මන් මේ ඉන්න තැන ගැන මටම පුදුමයි. මගේ ජීවිතේ ආපස්සට හැරිල බලද්දි හැමදෙයක්ම නිකන් හීනයක් වගේ.
අවුරුදු අටකට කලින් මන් මගේ යාලුවෙක් එක්ක එයාගේ තනියට අයිඩල් ට්‍රේනින් ඔඩිෂන් එකකට යද්දි මට කිසිම අදහසක් තිබ්බෙ නෑ එකෙන් මගේ මුලු ජීවිතේම මේ විදියට වෙනස් වෙයි කියල.
එදා ඒ හැමදේම අහම්බයක් විදියටයි මන් දැක්කෙ.

මට පොඩි කාලෙ ඕන වුනේ ලොකු වෙලා සාමාන්‍ය ජොබ් එකක් කරල පුංචි කෙල්ලෙක් මැරි කරල චූටි චූටි පැටව් ටිකක් හදාගෙන සාමාන්‍ය විදියට ජීවත් වෙන්න.

හහ්හ්.. ඒත් හොදම දේ මොකක්ද දන්නවද.. මන් ආදරෙන් බැදුනෙ කෙල්ලෙක් එක්කනම් නෙවෙයි..
ඒ පුංචි කොල්ලෙක් එක්කයි.

එදා පලවෙනි වතාවට මට මගේ ගෘප් එකේ සාමාජිකයෝ හදුන්වල දුන්න දවසේ ඒ දැක්ක බෝල අහිංසක ඇස් එක්ක.. දැක්ක මුල්ම වතාවෙන්ම ගැලවෙන්න බැරි විදියටම මන් බැදුනා.

එදා ඉදන් එයා මට ටික ටික හොදම යාලුවෙක් සහෝදරයෙක් කියන හැගීමෙන් ලං වෙද්දි.. මගේ හිතේ එයා වෙනුවෙන් ඇති වෙලා තිබුන ඒ වෙනස්ම හැගීම ටික ටික වැඩි වුනා.

ඔව්.. ඒ.. වෙන කවුරුත් නෙවෙයි.. අපේ පොඩිම සාමාජිකයා, ජොන් ජන්කුක්.

මම මගේ හැගීම් හැමදේම මගේ හිත අස්සෙම හංගගෙන එයා ටික ටික ලොකු වෙන විදිය බලාගෙන හිටියා. මගේ ඒකපාර්ශ්වික හැගීම් නිසා ගොඩක් වෙලාවට මම මටම රිද්ද ගත්ත එකයි කරේ.

ඒත් කවදා කොහොම වුනාද කියන්න දන්නෑ ඒපුංචි හිත ඇතුලෙත් මන් වෙනුවෙන් සහෝදරයෙක්ට එහා ගිය හැගීමක් දලු දාන්න පටන් අරන් තිබ්බ.

The Decisions Of Fate | Tk | Fanfic |Where stories live. Discover now