Remember ! This is just a fanfiction ! Don't confuse this with their real life !
.
.
.
මට අද පාන්දරින්ම ඇහැරුනෙ ඔලුව පුපුරන්න වගේ වේදනාවක් එක්කයි.. මගෙ ඇගත් ගිනි කබලක් වගේ රත් වෙලා.
මට වොෂ් රූම් යන්න උවමනාවක් තිබ්බත් ඇදෙන් නැගිටින්න තරම් පණක් මට නෑ.. තාම වෙලාව පහමාරටවත් නෑ.. හෝසොකි හියොනුයි ජිමිනියි මගෙ ඇදේම තැන තැන වැටිලා නිදි. ජින් හියොන් මගෙ එහැපැත්තෙන් ස්ටූල් එකකින් වාඩි වෙලා බෙඩ් එකට ඔලුව තියාගෙනම නිදි. මගෙ නලලින් තියල තිබ්බ රෙදි කෑල්ලයි බෙඩ් ටේබල් එක උඩ තියෙන තියෙන වතුර බෝල් එකයි නිසාම මට තේරුනා එයාල පාන්දර වෙනකන්ම මන් ගැන බල බල ඉදල කියල. ඒනිසාම මට එයාලට නැගිට්ටවන්න හිත දුන්නෙත් නෑ..
මගෙ හිත මේවෙනකොට ප්රශ්න ගොඩකින් පිරිල ගිහින්.. ජන්කූ හොදින් ඉන්නව ඇති නේද.. එයාට ප්රශ්නයක් නැතුව ඇති නේද.. එයාට අන්තිමට වුන දේවල් මතක තිබුනොත් එහෙම මොනා වෙයිද.. ඇල්ෆා පොරොන්දුව කඩන එකක් නෑ නේද..
එතකොට හියොන්ල දැක්ක දේවල් එක්ක එයාලා මොනා හිතන්න ඇතිද.. ජන්කූගෙ හැසිරීමත් එක්ක එයාලා මේ දේවල් කොහොම බාර ගනියිද.. එයාලා ජන්කූට මොකුත් කියන එකක් නෑ නේද..මගෙ ඔලුව සම්පුර්ණයෙන් අවුල් වෙලා.. ඇත්තටම ජන්කූ මේ වුන දේවල් දැනගත්තොත් මොනවයින් මොනව සිද්ද වෙයිද..
' ඔයා සන්සුන් වෙලා ඉන්න ටේහ්යොන්-ආහ්.. ඇල්ෆාව විශ්වාස කරන්න. එයා පොරොන්දු වුනානෙ.. ඒක හින්ද ප්රශ්නයක් වෙන්නෙ නෑ '
' ඔමේගා.. මේ ඔයාද..? '
' හ්ම් ඔව්නෙ.. මන් තමා.. දැන් ආයෙම අපි එකට ! "
මේ පලවෙනි වතාව.. මේ ජීවිතේ මගෙ වුල්ෆ් මාත් එක්ක සම්බන්ධ වුන.. හිතුවත් වගේම අපේ මේට් බොන්ඩ් එකෙන් මෙච්චර කාලයක් මන් ඇතුලෙම හැංගිලා හිටපු මගෙ වුල්ෆ්ව මට ආයෙම සම්බන්ධ වෙලා.
එතකොට ජන්කූටත්.. නෑ නෑ ඇල්ෆා පොරොන්දු වුනානේ.. එයා ජන්කූත් එක්ක සම්බන්ධ වෙන්න උත්සහ කරන එකක් නෑ..' ඒත් ඔයා හිතනවා වගේ අපිට මේදේවල් හැමදාටම හංගන් ඉන්නනම් වෙන එකක් නෑ ටේ.. '

YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanficඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ .. ~ බන්ග්ටන් සන්යොන්දන් වී, කිම් ටේහියුන්, එක් දවසක් ඇතුලත සිදුවෙන සිදුවීම් කිහිපයක් නිසා උඩුයටිකුරු වෙන ඔහුගේ ජීවිතයේ අනාගතය කෙසේ විසදේවිද..?! ____________________ Bts...