16

83 15 28
                                    

.

.

.

උදේ උන සිද්දියෙන් පස්සෙ මට ආයම සිහිය එද්දි හවස හයත් පහු වෙලා තිබුනා. ඒකත්.. තද ඔලුව කැක්කුමක් එක්ක හොස්පිට්ල් බෙඩ් එකක් උඩිනුයි මන් නැගිට්ටෙ.

උදේ මන් කෑගහන සද්දයක් ඇහිල නූනා මගෙ රූම් එකට ඇවිල්ල බලද්දිත් මට සිහිය නැති වෙලාලු තිබ්බෙ.

මට කොච්චර කතා කෙරුවත් මන් නැගිටින්නැති වෙද්දි.. නූනා බයවෙලා මාව හොස්පිට්ල් අරන් ඇවිල්ල

නූනා කිව්වෙ මට පැනික් ඇටෑක් එකක් වගේ ඇවිල්ල කියලයි..
මන් නැගිට්ටයින් පස්සෙ දිගටම බොන්නයි කියලා තවත් සෑහෙන බෙහෙත් ගොඩක් දුන්නා.
මන් කලින්ටත් වඩා දුර්වල වෙලාලු.

මන් දන්නව මන් එන්න එන්නම දුර්වල වෙනව කියල.. මන් මෙහෙම මේවගේ දරුවෙක් දරන්න තරම් සම්පූර්ණ කෙනෙක් නෙවෙයි.. මන් ඒතරම් ශක්තිමත් නැහැ

මන් බලවත් වෘක ආත්මයක් තියෙන කෙනෙක්.
ඉතින් මගෙ ඇග ඇතුලෙ.. බලවත් ආත්ම දෙකක එකතුවකින් තවත් අලුත් ආත්මයක්, ශරීරයක් වර්ධනය වෙනව.
ඒත් කොයිතරම් බලවත් ආත්මයක් තිබුනත් මන් ඉපදුනේ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට. මගෙ ඇතුලෙ හැංගිල තිබුණු වෘක ආත්මය අවදි වෙලා තිබුණත්.. මන් කොහොමටවත් සම්පූර්ණ වෙයාවුල්ෆ් කෙනෙක් නෙවෙයි.

ඉතින් මන් දන්නව.. ඒ වගේ බලවත් දරුවෙක්ව දරන්න තරම් ඇත්තටම මන් ශක්තිමත් මදි.. මගෙ දරුවට ඕන කරන සම්පූර්ණ පෝෂණය දෙන්න තරම් මන් ශක්තිමත් මදි.. ඒත් මන් තාමත් විශ්වාස කරනව මට.. මගෙ දරුවට.. ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියල.. මන් කොහොමහරි මගෙ මැණිකව පරිස්සම් කරගන්නව.

මන් දන්නැ අනාගතේ මොනා වෙයිද කියල.. දැනටමත් අතීතයෙ.. මගෙ කලින් ජීවිතයෙ ගොඩක් දේවල් වර්තමානයටත් සම්බන්ධ වෙලා.. ඒත් මට ඒ දේවල් ආයෙම සිද්ද වෙන්න ඉඩ දෙන්න බැහැ. සමහරවිට මේක මට අලුත් අවස්ථාවක් වෙන්න ඇති හැමදෙයක්ම හරි ගස්සන්න ඒදේවල් සිද්ද වෙන්න ඕන විදිහටම.

හ්ම්..

ඉස්සරහටත්.. පුලුවන් විදියට.. හැමදෙයක්ම කොහොමහරි ඉවසගෙන දරාගෙන ඉමු.. මන් හැමදාමත් කලා වගේම...

The Decisions Of Fate | Tk | Fanfic |Where stories live. Discover now