15

95 19 22
                                    

.

.

.

දැනෙන දරාගන්න බැරි සීතල නිසාම මන් තව තවත් බෙඩ් එක උඩ වකුටු උනා.

මගෙ ඇගේ කිසිම ඇදුමක් නොවෙද්දි.. මගෙ අත්වලට ඩෝම් එකෙන් එද්දි අරගෙන ආපු ජන්කුක්ගෙ කලු පාට ලොකු ටී ෂ'ට් එකක් විතරක් ගුලි වෙලා..

මාසෙකට සැරයක් බ්ලීඩ් වෙන එක නතර වෙලා තිබුනත්.. මට හැම මාසෙකම වගේ දවස් දෙක තුනක් අල්ලල හිටින්න උණ ගන්නව. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් මාස වල තරම්ම නැති වුනත්.. මේ දවස් වලත් ඇගට දැනෙන්නෙ ලොකු තෙහෙට්ටුවක්.

ඊයෙ උදේ ඉදන් තිබ්බ උණ ගතිය අඩු නොවෙද්දි.. අද දවල් නූනා මාව එයාගෙ ගෙදරට එක්ක ආවා

මන් දැන් ඉන්නෙ.. කලින් නූනගෙ මල්ලිට අයිති වෙලා තිබුනු ඒත් දැන් මටම වෙන්වුනු රූම් එකෙ ඇදේ ගුලිවෙලා

දන්නවද අද දවස කවද්ද කියලා..

අද ජුනි දෙවෙනිදා.. මගෙ පැටියා දැන් මන් ලගට ඇවිල්ල මාස හතරකුත් සම්පූර්ණ වෙලා

දැන් දැන් මගෙ පැටියට එයාගෙ අප්පව ගොඩක් මිස් වෙනවද කොහෙදෝ.. මට කලින්ටත් වඩා එයාගෙ උණුහුම ලැබෙන්නැති අඩුව තදින්ම දැනෙනව.. මන් පිස්සුවෙන් වගේ ඒ සුවද ඒ උණුසුම හොයනව

මට ගිය දවස්ටිකේම හැමදාම එකදිගට විකාර හීන පෙනුනා.. සමහර දවසට වෘක රංචු.. තවත් සමහර දවසට මගේ හියොන්ලා..

අද උදේ ඇහැරුනේ ජන්කුක්ව හීනෙන් පෙනිලයි.. ඒකත් එක්කෙනෙක් නෙවෙයි.. ඒ හීනෙ ජන්කුක්ල දෙන්නෙක්ම හිටියා

ඒත් ඒ හිටියෙ ජන්කුක්ම තමයි උනාට.. ඒ ජන්කුක්ට තිබුණෙ මගෙ කුකීගෙ වගේ අහිංසක හුරතල් මූණක්නම් නෙවෙයි.. අර එයාට හොදටම තරහ ගියාම මතුවෙනව වගේ බයානක නපුරු මූණක්.. අනික ඒ ජන්කුක්ල දෙන්නගෙන් එක්කෙනෙක්ට තිබුනෙ සාමාන්‍ය කලු පාට ඇස් උනාට..

අනිත් එක්කෙනාට තිබුණෙනම්.. අර ජන්කුක් මන් එක්ක ඉන්න හැමදවසකම වගේ මතුවෙන තද රතු පාට ඇස්

ඒ හීනෙ ඇතුලෙ හිටපු මට එයාලව දකිද්දි දැනුන හැගීම්.. මන් දන්නෑ.. බයක්.. ලැජ්ජාවක්..
මට හරියට තේරුම්ගන්න පුලුවන් වුනේ නැහැ

The Decisions Of Fate | Tk | Fanfic |Where stories live. Discover now