.
.
.
අද හවස තිබුණු ෆෑන් මීටින් එකෙන් පස්සෙ අපි හත්දෙනාම දැන් ඩෝම් එකට යන ගමනුයි ඉන්නෙ.
ෆෑන් මීටින් එකක් කිව්වට පොඩි කොන්සට් එකක් වගෙ තමා ඉතින්. සොන්ග්ස් හයකට විතර අපි ප'ෆෝම් කරා.
අපේ ආමිල නිසා අපි ගොඩක් සතුටින් හිටපු නිසාමද මන්ද ඒවෙලෙ මට ලොකු අපහසුවක් නොදැනුනත්.. දැන්නම් ඇගට මාර තෙහෙට්ටුවක්.. මහන්සියක්.. දැනෙන්නෙ.
වෑන් එකට නැග්ග වෙලේ ඉදන් හියොන්ලනම් දිගටම හිනා වෙවී කියො කියෝ ආවත් මන් මෙච්චර වෙලා ශට' එකට ඔලුව තියාගෙන එයාල දිහා බලාගෙන ඉන්න එකයි කරේ.
" ටේ.. බෙයා.. මොකෝ පැටියො සද්දයක්වත් නැත්තෙ.. මහන්සියිද ගොඩක් "
මගෙ එහාපැත්තෙ ශීට් එකෙ ඉදන් හිටපු හෝසොකි හියොන් අහද්දි මන් ඔව් කියන්න හීමීට ඔලුව වනපු එකයි කරේ.
මට කටින් වචනයක්වත් පිට කරන්නවත් බැරි තරමට මහන්සියකුයි දැනුනෙ" එන්නකො එහෙනම්.. ටිකක් නිදාගන්න..
ඩෝම් එකට ගියාම නැගිට්ටවන්නම්කො.. හ්ම්.. හරිද..
කෝ.. එන්න එන්න "
හියොන් එයාගෙ උරහිසට තට්ටු කර කරම එයාගෙ උරහිසෙන් ඔලුව තියාගෙන මට ටිකක් නිදාගන්න කියද්දි.. මන් මගෙ දිහාවට එබිල බලාගෙන ඉන්න හියොන්ල දිහාටත් බැල්මක් දීල හිමීට හෝසොක් හියොන්ගෙ උරහිසට බර වුනා.
ඇත්තටම මටත් දැන් ඕනෙ හොද නින්දක් තමාඅද ෆෑන් මීටින් එක ඉවර වෙලා කට්ටියටම ඩෝම් එකට යන්න දාගත්තෙ පොඩි ඩින' පාටි එකක් ගන්න හිතාගෙනයි..
ඒ බොහෝදුරට ටික කාලයක් යනකන් අද ෆෑන් මීටින් එක අපි එකට වැඩ කරන අන්තිම එක වෙන්න පුලුවන් නිසයි
අපේ අලුත් ඇල්බම් එක රීලිස් කරයින් පස්සෙ අපි ව'ල්ඩ් ටුව' එකක් කරමුයි කියල හිතාගෙන හිටියත්.. අපිට ඒ හැම අදහසක්ම අත්හරින්න වුනෙ නොහිතපු විදිහට රටවල් අතර පැතිරෙන්න ගත්ත වයිරස් එකක් නිසයි
ඒදේවල් නිසා අපිට අපේ ව'ල්ඩ් ටුව' එක පොඩි ෆෑන් මීටින් එකකට සීමා කරන්න සිද්ද වුනා
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanfictionඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ ..💫 From the day of the universe's creation and beyond.. Through the infinite centuries and beyond.. In the previous life and maybe the next too.. We're eternally togethe...