.
.
.
ටික ටික මන් ලගට ලං වුන ඒ මනුස්සයා මං ලගට ඇවිත් එකසැරේම මගෙ කොණ්ඩෙ පිටිපස්සෙන් ඇදල ඔලුව උඩට ඉස්සුවා.
ඒ මනුස්සයගෙ මූන දකිද්දි මෙච්චර වෙලා මගෙ ඔලුව පුරා දුවපු ගොඩක් ප්‍රශ්න වලට මට උත්තර හම්බුනා
ඒ.. යුන් ජේ හ්වා..
මේ හොටෙල් එකේ අයිතිකාරයගේ පුතා..
එවගේම අපේ කම්පැනි එකේ මැනේජර් කෙනෙක්. මන් හොදටම දන්න මන් කොහොමටවත්ම කැමති නැති මනුස්සයෙක්.ජේ හ්වා එච්චර හොද මනුස්සයෙක් නෙවෙයි කියල හැමෝම වගේ දැනන් හිටියත් ඒමනුස්සයට විරුද්දව කවුරුත් මොකුත් නොකියන්නෙ එයාට තියෙන සල්ලි බලේට වගේම දේශපාලන බලේට.
ප්‍රසිද්ද හොටෙල් ජාලයක අයිතිකාරයා උන ජේ හ්වා ගෙ අප්පා යුන් මූ යොන්ග් තවත් ප්‍රසිද්ද කම්පැනි එකක ශෙයා හෝල්ඩර් කෙනෙක් වගේම දේශපාලනයටත් සම්බන්ධ කෙනෙක්.
ඒ හැමදේකම අනාගත අයිතිය යුන් මූ යොන්ග් ගෙ එකම පුතා වෙන යුන් ජේ හ්වාට තියෙද්දිත්..
එයා කම්පැනි එකක සාමාන්‍ය මැනේජ කෙනෙක් විදිහට වැඩ කරන එක ගැන හැමෝටම වගේ තිබුනෙ කුතුහලයක්.මිට අවුරුද්දකට විතර කලින් මූ යොන්ග් ගෙ කම්පැනි එකේ අයිඩල් ට්‍රේනි කෙනෙක් එක්ක ජේ හ්වාගෙ සම්බන්ධයක් තිබුනා වගේම ඒ ගැනූ ලමයා එයාලගෙ ගෘප් එකේ ඩෙබියුට් එකෙන් මාසෙකට විතර පස්සෙ හිතන්නෙවත් නැති විදියට සුයිසයිඩ් කර ගෙන තිබුන.
ඒ ගෘප් එකෙ අනිත් මෙම්බර්ස්ල ඒකට ජේ හ්වාගෙ සම්බන්ධයක් තියෙන බව කිව්වත් සති කිහිපයක්වත් යන්නත් කලින්ම ඒක එහෙම්ම යට ගියා.ඒත් ඒසිද්දියෙන් පස්සෙ වුනෙ ජේ හ්වා අපේ කම්පැනි එකට මාරු උන එක
ජේ හ්වාව දැක්ක පලවෙනි වතාවෙ ඉදන් මට එමනුස්සය ගැන ඒතරම් හොද හැගීමක් දැනුන් නැ. එයාගෙ බැල්මකින් පවා මට දැනුනෙ අපහසුවක්. මම පුලුවන් තරම් එයාව මගහැරලයි හිටියෙ ගොඩක් වෙලාවට.
ඒත් දැන් මාස දෙකකට විතර කලින් ඒ මනුස්සය මට කැමතියි කිව්ව.
නැ නැ.. කොහොමටවත් ඒක ආදරයක්නම් නෙවෙයි.. ඒක ආසාවක් විතරයි. ඒ මනුස්සය මන් දිහා බලපු පලවෙනි බැල්මෙන්ම මට ඒක තේරුනා.
අනික කම්පැනි එකේ හැමෝම වගේ එයත් මායි ජන්කූයි අතර තියෙන සම්බන්ධය දැනගෙනමයි හිටියෙත්. එහෙම දැනගෙනත් තමා මට ජේ හ්වා එවගේ යෝජනාවක් ගෙනාවෙ.
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanfictionඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ ..💫 From the day of the universe's creation and beyond.. Through the infinite centuries and beyond.. In the previous life and maybe the next too.. We're eternally togethe...