.
.
.
ඒ එන කෙනා කවුරු උනත් මට ඒ ගැන කිසිම හොද හැගීමක්නම් දැනෙන්නෙ නැහැ
නෑ එතන එක්කෙනෙක් විතරක් නෙවෙයි ඉන්නෙ.. තුන්දෙනෙක්.. එතන තුන්දෙනෙක් ඉන්නව..
ඇයි.. ඇයි ඒ මිනිස්සු මන් දිහාවට එන්නෙ..
මට හොදටම විශ්වාසයි ඒ බැල්මවල් වැටිලා තියෙන්නෙ මන් දිහාවටම තමා..උන් එන්න කලින් මන් මෙතනින් යන්න ඕන.. රෙස්ටුවරන්ට් එකට යන්.. ඔව්.. පුලුවන් ඉක්මන්ට මෙතනින් යන්..
එහෙම හිතල මන් ආපස්සට හැරුනත්..
මට අඩියක්වත් ඉස්සරහට තියාගන්න පුලුවන් උනේ නෑ..
ඒපැත්තෙනුත් මන් දිහාට තව මිනිස්සු දෙන්නෙක් එනව. කවුද මුන්.. ඇයි මුන් මං දිහාට එන්නෙ..
උන් තව තවත් මට ලං වෙද්දි මට දැනුනෙ තද ඇල්ලකොහොල් ගදක්..
ආහ්.. ඒ ගදට මට වමනෙටත් වගේ..මට යන්න තැනකුත් නැ.. මන් මගෙ දෙපැත්තෙන්ම එන ඒ මිනිස්සුන්ට මැදිවෙලා..
මට මොකක් කරන්නද කියල හිතාගන්නත් බෑ. බයටම මගේ කකුල් දෙක හිරවෙලා වගේ.." කොහොමද නංගි බබෝ.. අපිට හවස හරියට අදුන ගන්නවත් බැරිඋනානේ.. "
මන් පිටිපස්සෙන් ඇහුන කටහඩ එක්ක ඒපැත්ත හැරෙද්දි ඒ එක මිනිහෙක් මගෙ අතින් අල්ල ගත්තත් මන් ඉක්මනින් අත ඇදල අරන් පපුවට ගුලි කරගත්තා.
ඒ අර ජරා මිනිස්සු.. අර හවස රෙස්ටුවරන්ට් එකට ආවෙ..
" ඕකිව අල්ලගනින්.. "
මගෙ මනස ඇතුලෙන් මෙතනින් පැනගන්න කියල එක දිගට කෑගහද්දි.. මන් ආපස්සට හැරිල එතන ඉන්න මිනිස්සු දෙන්නව පුලුවන් උපරිම හයිය දාලා තල්ලු කරන්න හැදුවත්.. ඒත් එක්කම මගෙ පිටිපස්සෙ හිටපු උන් තුන්දෙනා මාව තදකරල අල්ලගත්ත
" ආහ්.. මට යන්න දෙනව.. "
මන් කෑගගහ පුලුවන් තරම් උන්ගෙන් බේරෙන්න හැදුවත්.. තව පිරිමි පස්දෙනෙක් එක්ක හැප්පෙන්න තරම් මට ශක්තියක් තිබ්බෙ නෑ.
ඒත් එක්කම මගෙ මාස්ක් එක ගැලවිලා යද්දි මන් පුලුවන් තරම් ඔලුව පහලට කරන් මගෙ මූණ හංගගන්න උත්සහ කරත්.. ඒ එකෙක් මගෙ කම්මුල් දෙපැත්තෙන් තද කරල අල්ලල මගෙ මූණ උඩට ඉස්සුවා
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanficඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ ..💫 From the day of the universe's creation and beyond.. Through the infinite centuries and beyond.. In the previous life and maybe the next too.. We're eternally togethe...