19

94 18 34
                                    

.

.

.

නූනා එකදිගට දොරට ගගහ මට කතා කරන සද්දෙ ඇහෙද්දි.. මන් තව තව ඇදයි බිත්තියයි අතර තියෙන පුංචි හිඩසෙ ඇතුලෙ ගුලි වුනා

මට ඕනෙ එයාලගෙන් හැංගෙන්න.. එයාලට මාව පේන්නෙ නැති මාව හොයාගන්න බැරි තැනකට ගිහින් හැංගෙන්න..

මන්.. මන් දන්නව මට එයාලව ඕනෙ තමයි.. ඒ වුනත්..

ඒවුනත් මට එයාලට මූණ දෙන්න බැහැ.. මේ සිද්ද වුන හැමදේකටම පස්සෙත්..

අනික එයාලා මන් ගැන මොනව හිතයිද.. එයාල මාව කොහොම පිලිගනියිද..

ඒත් මට එයාලව ඕනේ.. මට එයාල ලගට යන්න ඕනෙ..
මට මගෙ හියොන්ලව ඕනෙනෙ ලූනා.. අනේ මන් මොකද දැන් කරන්නෙ..

ඒ උනත් මන් කොහොමද එහෙම කරන්නෙ.. මන් කොහොමද ඒ තරම් ආත්මාර්තකාමී වෙන්නෙ..

මං ආපහු එයාල ලගට ගියොත්.. ඒකෙන් එයාලගෙ ජීවිත වලටත් මොන තරම් ලොකු බලපෑමක් ඇති වෙයිද..

එදා අර මිනිස්සු මට කතා කරපු විදිහ..

මන් ගැන දැනගත්තහම අනිත් මිනිස්සුත් මාව ඒවිදිහටම දකියි නේද.. එහෙම උනොත් ඒකෙන් මගෙ හියොන්ලගෙ නමටත් ලොකු කැලලක් ඇති වෙන එකයි වෙන්නෙ..

අනේ මන් ඇත්තටම මොකද කරන්නෙ ලූනා.. මට එයාලව ඕනේ.. ඒත් මට එයාල ලගට යන්නත් බැහැ.. අඩුම මන් දන්නෑ එයාල මාව මේවිදිහට එයාලගෙ ජීවිත වලට බාරගනියිද කියලවත්..

එතකොට මගෙ දරුවන්ගෙ..

නැහැ එයා කොහොමටවත් මේ දේවල් දැනගන්න ඕන්නැහැ.. මන් ආයම එයාල ලගට ගියත්.. එයාල කව්රුත් දැනගන්න ඕන්නැහැ මගෙ පැටවුන්ගෙ අප්පා කවුද කියල..

එයා ඒ දේවල් දැනගත්තොත් තවත් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි වෙන්නෙ.. අනික එහෙම වුනොත් අතීතය තවදුරටත් අතීතය විදිහටම තියෙන එකකුත් නැහැ.. මට එයා ඒ අතීතය ගැන දැනගන්නව දකින්න ඕන්නැහැ.. කවුරුවත්ම ඒ අතීතය දැනගන්න ඕනෙ නැහැ.. ඒ දේවල් අපේ මේ ජීවිතේට කොහෙත්ම සම්බන්ධ වෙන්න ඕනෙ නැහැ.

මන් දන්නවා.. මටත් වඩා මගෙ පැටවුන්ට එයාලගෙ අප්පව ඕනෙ කියල.. ඉස්සරහටත් එහෙමම වෙයි.. ඒත් මට ඒවෙනුවෙන් කරන්න පුලුවන් කිසිම දෙයක් නැහැ.. මට බැහැ එයාට ඒදේවල් දැනගන්න ඉඩ දෙන්න

The Decisions Of Fate | Tk | Fanfic |Where stories live. Discover now