.
.
.
දැන් වෙලාව පාන්දර දෙක ත් පහුවෙලා.
ඊයෙ රෑත් මට ජේ හ්වාත් එක්ක ඉන්න සිද්ද උන නිසා මන් ඩෝම් එකට ආවෙ දැන් විනාඩි පහළොවකට කලින් වගෙ උනත්..
මට ආයමත් එලියට බහින්න වුනෙ හදිස්සියෙ ආපු කෝල් එකක් නිසයි
කෝල් එක ආවෙ ජන්කුක් ගෙ නම්බ එකෙන්..
එක දැක්ක වෙලේ මට පුදුම තරම් සතුටක් දැනුනෙ..
ඒත් කතා කරේනම් එයා නෙවෙයි
කෝල් කරේ ඉස්සර මායි ජන්කූ යි හියුන්ලට හොරෙන් ඉදල හිටල ගියපු නයිට් ක්ලබ් එකෙ ඔව්නර් දෝහියුන් ෂී
අපි එදවස්වල මාසෙට දෙතුන් සැරයක් වගෙ ක්ලබ් එකට යන්න පුරුදු වෙලා හිටිය නිසා එ ක්ලබ් ඔව්නර් අපිව අදුනනව
එයා කෝල් කරල කිව්වෙ ජන්කුක් දැන් ක්ලබ් එකෙ ඉන්නෙ.. එතන ප්‍රශ්නයක් වෙලා.. එකනිසා පුලුවන් තරම් ඉක්මනට එතන්ට එන්න කියලයි
මන් දැන් මෙ ගන්ග්නම් වල තියෙන ක්ලබ් එකට යන ගමනුයි ඉන්නෙ
මන් හොදටම බයවෙලයි ඉන්නෙ.. ජන්කුක් මොනා කර ගෙනද දන්නැ..
අනේ එයාට මුකුත් කරදරයක් නැතුව ඇති නේද..
මන් ක්ලබ් එක ඉස්සරහින් කා එක නවත්තල ඉක්මණින් බැහැල ක්ලබ් එක ඇතුලට දුවගෙන ගියෙ ජන්කුක්ව හොයාගන්නයි..
සෙකියුරිටි එකෙනුත් මාව නවත්තන් නැතුව යන්න දුන්නෙ සමහරවිට මාව අදුන ගත්ත නිසා වෙන්නැති..
ක්ලබ් එකෙ ඉස්සර අපි ඉන්න තැන් වල හෙව්වත් එයා නැතිවෙද්දි මන් ක්ලබ් ඔව්නර්ගෙ ඔෆිස් එකෙ දොරත් සද්දෙන් ඇරගෙන ඇතුලට දුවගෙන ගියෙ එලියට ඇහෙන්න තරම් සද්දෙන් ගැහෙන පපුවත් අතින් තද කරගෙනමයි
" එයා කොහෙද..
ජන්කුක් කොහෙද දෝහියුන් ෂී.. එයාට ප්‍රශ්නයක් නැහැ නේද "
ඇතුලට ගිය මන් දණිස් දෙකට අත් දෙක තියාගෙන හති අරින ගමන් කතා කරත් එයා කරෙ මට එයාගෙ පස්සෙන් එන්න කියල ඔෆිස් එකෙන් එලියට ගිය එක
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanfictionඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ ..💫 From the day of the universe's creation and beyond.. Through the infinite centuries and beyond.. In the previous life and maybe the next too.. We're eternally togethe...