.
.
.
එදා ඒ දවසින් පස්සෙ.. මගෙ ජන්කූගෙ උපන්දිනෙන් පස්සෙ..
දැන් සති දෙකක් වගේ කාලයක් ගත වෙලා ගිහින්..
ඇත්තටම මට දැන් ජන්කූට මගේ කියන්නවත් අයිතියක් නැති වෙලා.එදා දවසින් පස්සෙ මගෙ ජීවිතෙ තව දුරටත් කලින් වගෙ උන්නැ.
මට මෙ ගෙවුනු හැම තත්පරේකම දැනුනෙ මං අපායක ජීවත් වෙනව වගෙ.එදයින් පස්සෙ ජන්කූ මට කතා කරන්න එක අවස්ථාවක්වත් නොදෙද්දි.. ඇත්තටම මන් ජන්කූට කියන්න ඕනෙ මොනාද කියල දැනන් හිටියෙත් නැහැ.
මගේ හියුන්ල පවා මාව මගහරිද්දි.. එයාලගෙ ඇස් වලට පවා මන් වැරදි කාරයෙක් වෙද්දි..
ජේ හ්වා දිගින් දිගටම මගෙ ජීවිතේට බලපෑම් කරද්දි..
මන් හිටියෙ හැමදේම එපා වෙලා.
මගෙ ජීවිතෙ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා..මන් පුංචි කාලෙ ඉදන් හැදුනෙ මගේ පවුලෙ අයගෙන් ඈත්වෙලා හල්මොනි හරබොජි එක්ක වෙනකොට මගෙ අයිඩල් ජිවිතෙ හම්බවුන ගෘප් මෙම්බර්ස්ල හය දෙනා මට ඇත්තටම පවුලක් උනා..
මට මගෙ දෙමව්පියො එක්ක ලොකු සම්බන්ධයක් තිබුනෙ නැති වුනත් මගෙ සහෝදරයො මාව ගොඩක් වෙලාවට බලාගත්තෙ ඇත්තටම මගෙ ඔම්මා අප්පා වගෙ..
නිකන්ම ගෘප් මෙම්බර්ස්ල කියනවට වඩා.. අපි හත් දෙනා අතර තිබුනෙ ඇත්තටම පවුලක බැදීමක්.
එයාලා මගෙන් ඈත් වෙනවත් එක්කම මට දැනුනෙ මම මුලු ලෝකෙන්ම තනි වෙලා කියලයි
මුලින්ම එයාල මාත් එක්ක කතා කරන්න හදද්දි..
මන් එයාලව මගහැරියෙ හිතෙ තිබුනු බය නිසා වුනත්..එදයින් පස්සෙ අත්‍යවශ්‍ය වැඩකට ඇරෙන්න එයාල මාත් එක්ක කතා කරේම නැ.
මේ වෙනකොට මුලු කම්පැනි එකේම පැතිරිලා ඉවරයි මායි ජේ හ්වායි අතර සම්බන්ධයක් තියෙන බව. ඒ දේවල් එක්ක හියුන්ල ට මාව එපා වෙලා ඇති.
හ්ම්.. ජන්කූ නම් මන් දිහා බලන්නෙවත් නැහැ.
ඉදල හිටල ප්‍රැක්ටිස් කරන වෙලාවට හම්බුනහම එයා වචන වලින් මාව රිද්දනව ඇරෙන්න අපි අතර කිසිම කතාවක් උන්නැ මේ සති දෙකට
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanfictionඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ ..💫 From the day of the universe's creation and beyond.. Through the infinite centuries and beyond.. In the previous life and maybe the next too.. We're eternally togethe...