21

110 18 44
                                    

.

.

.

හ්ම්.. මීට මාස තුනකට කලින් ආයෙමත් කවදාවත් එන එකක් නෑ කියල හිතාගෙන පිටත් වුන තැනටම.. මන් ආයෙම ඇවිල්ලා.
හන්නම් වල තියෙන අපේ ඩෝ'ම් එකට..

එකට විතර බෝසොන් වලින් පිටත් වුන අපිට පහමාර වෙද්දි ඩෝම් එකට එන්න පුලුවන් උනා.

තැන් දෙක තුනකින් කෑම ටිකක් ගන්න එහෙම නැවැත්තුවත් මටනම් එලියට බහින්න උනේම නෑ.. පැය හතරාමාරක් එකදිගට වෑන් එකේ.. දිගටම නිදාගෙන ආවත් මට දැන් ආයම ඕනෙත් හොද නින්දක්. ඇගට මාරම තෙහෙට්ටුයි.

මන් එනකන්ම කලේ.. මාරුවෙන් මාරුවට හියොන්ලගෙ ඔඩොක්කු වලින් ඔලුවයි කකුලුයි තියාගෙන නිදාගත්ත එකයි. හියොන්ලත් මට එක එක විදි වලට නිදාගන්න ඉඩ හදල දුන්නා. එක දිගට එක විදියටම ඉන්න මට අමාරුයිනෙ ඉතින්..

කොහොමහරි එන මගදිගට මට දෙසැරයක්ම වොමිට් උනත් එක්ක. පලවෙනි සැරේ නම්ජුන් හියොන්ගෙ ජැකට් එකේ හිටන්.. හියොන් ඒක ගලෝලා අයින් කරා මිසක් මට වචනයක්වත් කිව්වෙ නෑ.. ඒවුනාට එහෙම වුන එකට මටනම් ටිකක් අවුල් ගියා. මන් නිසා හියොන්ලට හරි වදේනෙ.. ඒත් ඒතින් මන් කදුලු පුරෝගෙන බලන් ඉද්දි හියොන් මාව ඔඩොක්කුවට අරන් තුරුල් කරගත්තහම මන් හියොන්ට ගුලි වෙලා හොදට නිදාගත්ත එකයි කරේ.

මන් එක එක විදිවලට ඉන්න පහසු විදියක් හොය හොය එහෙ මෙහෙ වෙවී නිදාගත්තත්.. අන්තිමට නැවතුනේ ජන්කූගෙ උකුල උඩ තමා.. ආයෙ ඉතින් සෝල් වලට ඇවිත් මට ඇහැරනකන්ම මන් සැපට නිදි. මන් පැය දෙකක් විතරම ජන්කූට තුරුල් වෙලා එකදිගට නිදාගත්තා. අඩුම මට මැදින් මැදින් යන්තම්වත් ඇහැරුනේවත් නෑ.
ඒ කොහොම වුනත් මට තාම නිදි මතයි හැබැයි..

නූනා මුලින් ආවෙ එයාගෙ කා' එකේ උනත්.. පස්සෙ මගින් මගට හියොන්ල මාරුවෙන් මාරුවට ඩ්‍රයිව් කරා. සෝල් වලට එද්දි කොහොමහරි නූනා හිටියෙ අපි ආපු වෑන් එකේ තමා..

" ටේ.. යන් පැටියො ඇතුලට "

" අහ්! ඕ යන්.. "

මන් ඩෝම් එක ඉස්සරහ හිටගෙන ඒ දිහාම බලාගෙන හිටියත් මගෙ කල්පනාව බිදිල ගියේ හෝසොකි හියොන් ඇවිල්ලා මගෙ උරහිස වටේ අත දාලා අල්ලගත්ත පාරයි. මන් හියොන් එක්ක ඉස්සරහට යන ගමන්ම පිටිපස්ස හැරිල බැලුවෙ අනිත් කට්ටියත් එනව නේද බලන්නයි.

The Decisions Of Fate | Tk | Fanfic |Where stories live. Discover now