23

101 17 21
                                    

.

.

.

" ජින් හියෝන්..!! "

" මොකද බන් කෑගහන්නෙ ?! "

" මන් ඊයෙ ෆ්‍රිජ් එකේ දාලා තිබුන බනානා කිරි එක කෝ අප්පාහ්.. ඒක නෑනේ.. "

" මන් දන්නෑ ජන්කුකා.. මන් උබේ කිරි එකක් ගත්තෙ නෑ "

" ක්.. කැහැ.. කැහැක්.. කැහැක්.. "

දඩන් දඩන්

" කැහැක්.. ආහ් ! ගහන්න.. කැහැ.. එපා ජිමිනි පාබෝ.. කැහැක්.. "

මල සෙද්දයි.. ඒක ජන්කූ ගෙනත් තිබ්බ එකක්ද..
බිබී හිටිය වතුර එකත් ඉස්මොල්ලෙ ගියා. ආහ්.. නහයත් දනවා අප්පා.. කටින් බීපු වතුර ටික නහයෙන් එලියට ආවනේ.. ඒ අස්සෙන් මේ මෝඩ ජිමිනා ඩෝන් ඩෝන් ගාලා පිටට ගහනවා මගෙ පපුවත් අත ගගා..

ජන්කූ එයාට බොන්න ගෙනාපු එකක් කියල දන්නවනම් මන් ඕකට අතවත් තියන්නෑනෙ අනේහ්..
අද උදේම මට ඇහැරුනා අනිත් හැමෝටම කලින්.. මන් ඉතින් ඇදෙන් බහින්න යද්දි මාත් එක්කම මගෙ ඇදේ නිදාගෙන හිටපු හෝසොකි හියොන්ටත් ඇහැරුණා. මට බඩගින්නක් වගේ ආපු හින්ද මන් වොෂ්රූම් එකටත් ගිහින් හියොන් එක්කම පහලට ආවා. පස්සෙ මාව සෝෆා එකෙන් තියල හියොන් ආයෙම උඩට ගියෙ එයා වොෂ්රූම් එකට ගිහින් එන්නම් කියලයි..

හියොන් මට කන්න බිස්කට් එකකුත් දීලා ගියත් මට ඒක විතරක් සෙට් නෑ වගේ හිතුන නිසා නිකමට ෆ්‍රිජ් එකට ඔලුව දාලා බැලුවෙ තව කන්න මොනාහරි තියේද කියල බලන්නයි.. ෆ්‍රිජ් එකේ දිලිසි දිලිසි තියෙන බනානා කිරි බෝතලේ දැක්කම මට ඉතින් ආස හිතුනනෙ. තව චොක්ලට් කිරි බෝතල් පැක් එකකුත් තිබ්බා.. ඒත් ඉතින් මට අරක බොන්න හෙනම ආසාවක් ආවෙ..

" හියෝන්..!

කවුරුත් බිව්වෙ නැත්තන් මේක කොහොමද ඩස්බින් එකේ තියෙන්නෙ..? "

" ඊයා ඕයි ජන්කුකා.. උබ කුණු බක්කියත් ඇද්දද..? "

" ඔව් ඇද්දා තමයි.. ඇයි මොකද..?

තමුසෙ නේද ජිමින් ෂී මේක බිව්වෙ..? අනේ හියොන් බලන්නකො මේ කොට හියෝන්..

අනේ ඔයාලත් එක්ක බෑ අප්පාහ්.. කඩේ යන වෙලාවට හැමදාම මට බනානා කිරි ගේන්න අමතක කරල එනවා.. මන් ගෙනත් තියාගන්න එකටත් වැඩේ දෙනවා. ඇයි අප්පාහ් අද උදේට බොන්න කියලමයි මන් මේක තියාගත්තෙ.. "

The Decisions Of Fate | Tk | Fanfic |Where stories live. Discover now