Remember ! This is just a fanfiction ! Don't confuse this with their real life !
.
.
.
අද පෙබරවාරි විසිනවවෙනිද.. මේ මාසෙ අන්තිම දවස.
ගිය දවස් ටිකේ වගේම අදත් මට පාන්දරම ඇහැරුනෙ දැනුන ඔක්කාර ගතිය නිසයි.
දැන් සති එකාහමාරක විතර ඉදන් එකදිගට ඒ ගතිය තිබුනත්..
මට මොකක්ද සිද්ද වෙන්නෙ කියල දැනගන්න තිබුනෙ බයක්මුල් දවස් ටිකේ ඒ ගැන වැඩිය නොහිත හිටියත්.. පීරියඩ්ස් වෙන්න තිබුනු දවස් පහුවේගෙන යනවත් එක්කම මගෙ හිතට ලොකු බරක් දැනෙන්න ගත්ත
මොකද වෙන්නෙ මං කොහොමටවත් සිද්ද වෙන්න හොද නෑ කියල හිතපු දෙයක්ම සිද්ද වෙලානම්..
එහෙම දෙයක් වෙලානම්.. මන් කොහොමද දෙවියනෙ ඇත්තට ඒදෙවල් වලට මුහුණ දෙන්නෙ..
මන් දැන් පැය බාගයක් විතර ඉදන් බාත් රූම් එකේ මිර' එක ඉස්සරහට වෙලා අතේ තියෙන ප්රෙග්නන්සි ටෙස්ට් කිට් එක දිහා බලාගෙන කල්පනා කරනව.
මට ඊලගට වෙන්න පුලුවන් දේවල් ගැන බයයි
දිගටම මේ දේවල් ගනන් ගන්නැතුව ඉන්න බැරි නිසාම ඊයෙ රෑ ටෙස්ට් කිට් එකක් අරගෙන ආවත්.. මන් මේ වෙනකන්ම ටෙස්ට් කරල බැලුවෙනම් නැහැ
එදා පිල්ස් ගත්ත නිසා ඒ වගෙ දෙයක් සිද්ද වෙන්න විදිහක් නෑ කියල එක පැත්තකින් හිත කෑගහද්දි.. අනිත් පැත්තෙන් මගෙ ඇගට දැනුනෙ වෙන දෙයක්..
හොද හුස්මක් අරගත්තු මන් ඒ ටෙස්ට් කිට් එකේ තිබ්බ විදිහට ඔක්කොම කරල ඒකත් අරගෙන බාත් රූම් එකෙන් එලියට ආවා
ඇදෙන් ඉදගත්ත මන් ඒකෙ රිසල්ට් එක පෙන්නනකන්ම කරේ.. කිසිම ප්රශ්නයක් වෙන්න එපා කියල ප්රාර්තනා කරපු එකයි
විනාඩි දෙකක්.. තුනක්.. ගතවෙන්න ඇති..
එතනින් පස්සෙ මට දැනුනෙ හැමදේම එක මොහොතකට නතරවුනා වගෙයි..
මුලු වටපිටාවම සම්පූර්ණයෙන්ම නිහඩ වුනා වගෙ දැනෙද්දි.. මට මගෙ පපුව වේගෙන් ගැහෙන සද්දෙ විතරක්ම හයියෙන් ඇහුනා

YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanficඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ .. ~ බන්ග්ටන් සන්යොන්දන් වී, කිම් ටේහියුන්, එක් දවසක් ඇතුලත සිදුවෙන සිදුවීම් කිහිපයක් නිසා උඩුයටිකුරු වෙන ඔහුගේ ජීවිතයේ අනාගතය කෙසේ විසදේවිද..?! ____________________ Bts...