.
.
.
දැනුනු තද සීතල නිසා ම මට නින්දෙන් ඇහැරුනත් එහෙමම මන් තව තවත් පොරවන් හිටපු බෙඩ් ෂීට් එකට ගුලි වුනෙ මට නැගිටින්න උවමනාවක් නොවුනු නිසා..
එත් බෙඩ් ශිට් එක ඇතුලෙ ගුලි වෙද්දි මගෙ ඇගෙන් දැනුනු රස්නෙ මගෙ නින්දට බාධාවක් උනා.. එහෙම්ම නලලට අත තියල බලද්දි මට තෙරුනෙ මගෙ අත පිච්චනව වගෙයි..
හහ්.. එගමන උණත් හැදිලද.." අහ්.. ආහ්ව්.. "
බෙඩ් ශීට් එක අයින් කරල කෙලින් වෙන්න ගියත් එකසැරේම යටි බඩෙන් ආපු පේන් එක නිසා මන් කෙදිරි ගාගෙන බඩ අතින් තද කරගෙනම ඇද උඩ වකුටු උනා.
ආයිශ්.. ඒ ගමන මොකක්ද..
අහ්.. මට අමාරුයිනෙ.. මොකද මෙ වෙන්නෙ.. මට දැනුනෙ එන්න එන්නම මගෙ අත පය පවා පණ නැති වෙනව වගෙ..
එලියත් වැටීගෙන එනව. දැන් හයත් පහු වෙලා ඇති. අද උදේම ප්‍රැක්ටිස් යන්නත් ඕන. ඒත් කෙලින් වෙන්නවත් පණක් නැතුව මන් කොහොමද මොනාවත් කරන්නෙ.
එහෙම්ම අමාරුවෙන් අත දික් කරල ෆෝන් එක ගත්තෙ වෙලාව බලාගන්න.
හයාමාර ත් වෙලා..
ප්‍රැක්ටිස් යනවනම් මන් දැන් ලෑස්ති වෙන්න ඕන..
අද අට වෙද්දි කම්පැනි එකට ඇවිත් ඉමුයි කියලයි ඊයෙ කට්ටිය කතා උනෙ. හෙටයි අනිද්දයි දෙකම ෆ්රී නිසා අද දවසම ප්‍රැක්ටිස් කරන්නයි අපි හිතාගෙන හිටියෙ..ඒත් මටනම් දැන් යන්න පුලුවන් තත්වයක් ඇත්තෙ නැහැ.
නම්ජුන් හියුන්ට කෝල් එකක් අරන් මට එන්න වෙන්නෙ නැහැ කියල කියන්න ගියත් එහෙම්ම කෝල් එක කට් කරල මෙම්බර්ස්ල ගෙ ගෘප් චැට් එකට ගියෙ එකෙන් ආව නොටිෆිකේෂන් එක නිසා..
ඒක නම්ජුන් හියුන්ගෙන්ම තමයි' ජන්කුක්ට ටිකක් සනීප නැහැ. මට මූව දාල එන්න විදියක් නැ.'
' අදට ප්‍රැක්ටිස් කැන්සල් කරමුද '
' හොබා.. කම්පැනි එකට කොල් එකක් දෙනවද '
' කාට හරි ජන්කුක්ගෙ අපාට්මන්ට් එකට එන්න පුලුවන්ද.. මු මෙතන පිස්සුවෙන් වගෙ දගලනව.. මට තනියම මේකව කන්ට්‍රෝල් කර ගන්න අමාරුයි.. '
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fiksi Penggemarඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ ..💫 From the day of the universe's creation and beyond.. Through the infinite centuries and beyond.. In the previous life and maybe the next too.. We're eternally togethe...