....
..
A/N
මහ නිලමේ = විද්වාන්ගෙ සීයා
ලොකු හාමු = විද්වාන්ගෙ අප්පච්චි
පොඩි හාමු = විද්වාන්පටලගන්න එපා හොදේ....
.
.
.
.
රත්දේලිය වලව්ව කියන්නේ හිස්තැනක් නැතුවම පිරිලා තිබුනු තැනක්....අවුරුදු බර ගානකට උඩින්.....
අප්පච්චිගෙ සහෝදරයන්ගෙ දරුවන්ගෙ හිනා හඩ...කෙලි සෙල්ලම් හඩ...ඒ වගේම වැඩිහිටියන්ගෙ කතා බස් හඩත් එක්ක මුලු රත්දේලිය වලව්වම පිරිලා ඉතිරිලා ගිහින් තියෙනකොට එකම එක දරුවෙක් විතරක් හැමෝගෙන්ම ඈත්වෙලා පැත්තකට ගුලිවෙලා හිටියා....කාගෙවත් අවධානය නොලැබ ඔහේ තමන්ගෙ පාඩුවේ හිටියා........
නිල් පාට පසුබිමේ හැඩ වැටුනු ඇබිත්තන් සරමක්....ඒ සරම කඩා වැටෙයිදෝ බයෙන් ඊට යටින් ඇදන් හිටිය පොඩි කොට කලිසමක්......ඒ උඩින් ඇදපු බොත්තම් තියෙන කමිසයක්......ගෙලේ කලු සුරයක් බැදුනු ඇබිත්තන් අත පය තියෙන පුංචිම පුංචි රූපයක්.....
සහෝදර සහෝදරියෝ හුලන් පුරවපු බෝලයක් එක්ක සෙල්ලම් කරනවා.......ඒ පස්සෙන් දුවගෙන යන බලු පැටියෙක්ගෙ බිරුම් හඩකුත් ඇහෙනවා...තේ කෝප්ප ගැටෙන හඩ...මේස පුටු ගැටෙන හඩ...ඉදහිටක ඇහෙන මහ නිලමෙගෙ නිධන්ගත කැස්සෙ හඩ.....වලව් මැනිකෙලගෙ රන් අබරන බරට බරේ හෙල්ලෙන හඩ........ඔය හැමදෙයක්ම වෙන ලෝකෙක සිද්ධ වෙන දෙයක් ගානයි....විද්වාන්ට කවදාවත් ඇතුලු වෙන්න බැරි ලෝකයක් ඇතුලේ සිද්ධ වෙන අමුතු සිදුවීම් තොගයක් ගානයි...
රතු සිමෙන්ති පොලොව මත ඇදෙන රෝස පාට නිරුවත් පතුල්....බිත්තිවල ගැටෙන සිනිදු සියුමැලි චූටි අත්.....පමනට වඩා වැවුනු කඩාහැලෙන කොන්ඩෙත් එක්ක.....ගෙල බැදුනු සුරය පොඩි දරුවට එකතු කරලා තිබුනේ හරි හුරතල් පෙනුමක්......රෝස ගැහුනු පිම්බුනු දකුනු කම්මුල මත මොට්ටු තුනක් තිබ්බා හා සමානව උපන් ලප තුන කැපිලා පෙනෙද්දි පිට මනුස්සයෙක්ට නම් දැනුනෙම ඉබලා මිරිකන්න තරමේ හැගීමක්.......මහ මිනිහෙක් ගානට සරමක් එක්ක කමිසයක් ඇදන් අත් දෙක පිටිපස්සට බැදගෙන හරි ආඩම්බරකමට හුරතල් මූනු පොඩිත්ත හදන් ඉන්න අවුරුදු පහක්වත් නැති පොඩි දරුවව දකින ඕන කෙනෙක්ට ඇති උනේ හරි ආදරනීය හැගීමක්......
YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?