⚫07⚫

973 161 52
                                    

..

..

..








...මොන අපරාදයක්ද දෙයියනේ මේ....




    වයස අවුරුදු දාහතරක් තරම් කියන්න පුළුවන් පොඩි කෙල්ල ඉනටත් අත් දෙක තියාගෙන එයාටම කියාගත්තේ තමන් ඉස්සරහින් දකින්න ලැබෙන දර්ශනෙත් එක්ක...පොල් වෙරලු හැමතැනම...කොස් ඇට වැටිලා විසිරිලා යන තරමට පොල් වෙරලු සීසීකඩ විසිරිලා පපුවත් එක්ක හෝස් ගාන තරමට.....

    සාමාන්‍ය වෙරලුවලට වඩා පොල් වෙරලු ටිකක් ප්‍රමානෙන් ලොකුයි....සමහර ඒවා නම් කොස් ඇටයකටත් වඩා ලොකුයි...ඒ වගේම රසයි..ඒකයි ඒවට නිකම්ම වෙරලු නොකියා පොල් වෙරලු කියන්නේ....


    නාපු නිසාම තාමත් තෙත ගහපු කොන්ඩෙ හුලන් රැල්ලට වේලෙන්න ඇරලා කෙල්ල අතේ තිබුනු වේලුනු අත්ත බිම දැම්මා...අම්මත් ඉන්නෙ අසනීපෙන් වෙච්චි කොට පොඩි මල්ලිලා දෙන්නව බඩගින්නෙ තියන්නෙ බැරිකමට කෙල්ලට ඕන උනේ කොහොමහරි බත් එකක් ලිපේතියාගන්න...කෙල්ලගෙ අප්පච්චි මේසන් වැඩවලට අත් උදව් දීලා ගෙදර එන්නෙත් හොදටම හෙම්බත් වෙලා...ඒ ඇවිල්ලත් පුළුවන් ද ඒ මනුස්සයා හුස්මක් කටක් නොගෙන උයනවා බලන් ඉන්න.. ලොකුවට මාලුපිනි හදාගන්න බැරි උනාට මොකද බතක් උයලා සම්බෝලයක් හදාගන්න පුලුවන්නේ..බල කරෝල කෑල්ලකුත් තිබ්බ එකේ පුච්චලා ගත්තා නම් අදවත් මල්ලිලා දෙන්නා රස නෑ කියලා නහයෙන් අඩන්නෙ නැතුව බඩ පිරෙන්න කයි නේද...එහෙමවත් වෙනවා නම් කොච්චර දෙයක්ද....


   ඒත් උයන්න කියලා කොච්චර උවමනාවෙන් දර අහුලන්න අවසර නැතුවම වත්තක් අස්සට රිංගුවා උනත් කෙල්ලගෙ ලමා හිත ඇදිලා ගිහින් නතර උනේ බිම විසිරිලා තිබුනු පොල් වෙරලු තොගය ලගට.......අහුලගෙන ගිහින් හොදට තලලා ඊට පස්සේ ලුනු,මිරිස් ,සීනි එකතු කරලා අච්චාරුවක් දැම්මා නම්......දෙයියනේ මතක් වෙද්දිත් කෙල උනනවා.....



     දොලේ නාන්න කියලා අරන් ආව යකඩ පනිට්ටුවත් අරගෙනම කෙල්ල වෙරලු ගස් යාය යටට දිව්වේ මොහොතක්වත් පරක්කු නොවීම.......තවම හවස හතරයි....රෑ වෙන්න නම් තියෙනවා පැය දෙකක් විතර...ඒත් අහසම අරක් ගත්තු කදු පන්තිය නිසාදෝ.....ඒ එක්ක පෑහෙන්න රූසෙට රූස්සෙ වැඩුනු මහ විසාල ගස් නිසාදෝ දැනටමත් හතර අතේ පැතිරිලා තිබුනේ ලා අදුරක් උනත් කෙල්ලට ඒක ගානක් ගියේ නෑ.....කොහොමත් ඔය වැහි අදුර හැමවෙලාවකම වගේ තියෙනවා....අදුරු උනාට කමක් නෑ වහින්නෙ නැත්නම්....නැත්නම් අවුව නැති නිසාම හුලන් රැල්ලටවත් වේලෙන්න කියලා දාලා ආව රෙදි ටික ගන්න කෙල්ලට මැරතන් එකක් දුවන්න වෙනවා....




කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now