⚫12⚫

845 168 71
                                    

..

..

..







    අභිසෙස් සුපර් මාකට් එකෙන් එලියට ආවේ හරියට ගෙවල් අතෑරලා යන මනුස්සයෙක් වගේ හතර අතේ බඩු මලු එල්ලගෙන...ඒ තරමට බඩු.....සුපර් මාර්කට් එකක් කිව්වට ඒකේ ඇත්තටම ඔය කියන සුපර් ගතියක් නම් තිබ්බෙ නෑ.....පොඩි ටවුන් එකක් නිසාදෝ මාර්කට් එකේ ගන්න තිබුනෙත් හරි සාමාන්‍ය දේවල්...මිලෙන් වැඩි චොකලට් ..ස්නැක්ස්..බ්‍රෑන්ඩඩ් දේවල් වෙනුවට ඒක පුරාම තිබුනේ සාමාන්‍ය මනුස්සයෙක්ට මිලදී ගන්න පුලුවන් තරමේ දේවල්.....මහා පරිමානෙන් කරගෙන නොගිය සාමාන්‍ය ගනයේ සුපර් මාකට් එකේ බඩු මලු ගෙනත් දෙන්නත් සේවකයෙක් නැති වෙද්දි අභිසෙස්ට උනා තනියම මලු ටික උස්සන් එන්න......


    අතින් කටින් බඩු ටික එල්ලගෙන බොහොම අමාරුවෙන් කොල්ලා ඩිකිය ඇරගත්තේ...ඒ ඇරගත්තත් එකපාර දමලා ගහන්නාවගේ කොල්ලට බඩු ටික ඇතුලට දාන්න පුලුවන්ද..බාගයක් ඩිකියෙ කොනකින් තිබ්බ අභිසෙස් එයා ගත්තු කෑම මලු ටික මුලින්ම පරිස්සමට අහුරන්න ගත්තා....බිස්කට් ටික එහෙම කුඩු කරගන්නෙ නැතුව අහුරගන්න එපැයි....එහෙම නැත්නම් කුඩු උනු බිස්කට් අර පොඩි ඇටයා ඉස්සරහා කන්න උනොත් දිව හපාගෙන තමා මැරෙන්න වෙන්නේ...බිස්කට් එකක් උනත් නම්බුකාර විදිහට අරගෙන යන්න ඕන.......එහෙම පොඩි ඇටයක් ඉස්සරහා ලැජ්ජ වෙන්න පුලුවන්ද.....

     බ්‍රෑන්ඩ් එකවත් බලන්නෙ නැතුව එතන තිබ්බ ලොකුම කිරිපිටි බෝතලේ අරන් ආව අභිසෙස් ඒක අත් දෙකෙන්ම උස්සගෙන ඩිකිය ඇතුලේ හරි පරිස්සමට තිබ්බේ දේව පිලිමයක් තැන්පත් කරනවා වගේ පුදුමාකාර ශ්‍රද්ධාවකින්....ඔක්කොටම කලින් ඕක තමා වලව්වට ගිහින් කාර් එකෙන් එලියට ගන්න ඕන.....පොඩි හාමු ගෙනත් දීපු කිරිපිටි බෝතලේ යැයි යැයි තමා......හුහ්!





...සර්...සර්...පොඩ්ඩක් ඉන්න.....




       අහිසෙස් මලු ඔක්කොම ඩිකියට දාලා වහලා දැම්මා විතරයි එයාට පිටිපස්සෙන් ඇහුනේ කොල්ලෙක්ගෙ කටහඩක්........ඒ එක්කම වගේ අභිසෙස් පිටිපස්සට හැරුනෙත් ඒ කවුද බලන්න.......ඒ හිටියේ නම් සුපර් මාකට් එකෙ නම ගහපු රතුයි කලුයි ටී ශර්ට් එකක් ඇදන් හිටිය කොල්ලෙක්...






කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now