..
..
..
සමහර දේවල් තියෙනවා ඇහුනත් නෑහුනු ගානට මග ඇරලා යා යුතු...........
අභිසෙස් සුදු වැල්ල පිරුනු මිදුලේ පොල් කොටයක් කපලා ඒ උඩින් ලෑල්ලක් ගහලා හදලා තිබුනු බංකුවේ වාඩි වෙලා ඉන්නේ විනාඩි ගානක ඉදන්....කොල්ලට පිටිපස්සෙන් අර පොඩි ගේ කෑල්ල තිබුනා වෙද්දි ඉස්සරහින් තිබුනේ ඉනි වැටකින් වටකරපු මිදුල් කෑල්ලත් එතනින් එහා ඈත කදු පන්තිය වෙනකම්ම නිමාවක් නැතුවම විහිදුනු වෙල් යායත් වෙද්දි රාක්ශයෙක් ගානට මුලු අහසම අත් පත් කරන් ඉන්න කන්ද ලග කොල්ලගෙ ඇස් මොහොතකට නතර උනා.....
හරියට බැලුවොත් අහිසෙස්ගෙ උපන් ගම උනු කුරුණෑගල තිබුනෙත් මේ හා සමාන පරිසරයක්....මහ ලොකුවට කදු නැතත් අර අතරින් පතර දකින්න ලැබෙන කන්දක් එක්ක පුරා විහිදුනු වෙල් යාය නිසා කොල්ලට ගෙදර මතක් උනා....කුරුණෑගල තියෙනවා කන්දක්....කොල්ලට නම මතක නෑ...හැබැයි මිනිස්සු කියන විදිහට රාමා රාවනා යුද්දෙදි තුවාල ලබපු රාමගෙ සේනාවට බෙහෙත් කරන්න හනුමාන් හිමාලේ කෑලි හතරකට කඩලා එක කෑල්ලක් අත උඩ තියාගෙන පියාබගෙන ආවලු....ඒ ඕන කරන හරිම බෙහෙත මොකක්ද කියලා හරියට තෝරගන්න බැරි උනු හනුමාන් කන්දෙන් කෑල්ලක්ම කඩලා උස්සන් ආවා වෙද්දි අවසානේ ඒ කන්ද අතෑරියේ කුරුනෑගලට....ඇත්තද බොරුද දන්නෙ නෑ ආච්චි අම්මලා සීයාලා හරි උජාරුවට කියන්නෙ එහෙම....
ඒ කතාව ඇත්තක් නම්....දෙවියො කියලා ජාතියක් ඇත්තටම ඉන්නවා....!...ඉතින් දෙවියන්ට ඉන්න පුළුවන් නම් අනිවාර්යයෙන් යක්ශයොත් ඉන්නවා...!
කන්දෙන් ඇස් හරවපු අහිසෙස් ෆෝන් එක සාක්කුවට දාගෙන බැලුවෙ මිදුලෙ අනිත් කොන දිහා.....මේ රන්දුනුතැන්නෙ හැම ගෙදරකම වගේ විසේශයක් තිබුනා....ඒ තමයි හැම ගේකම මිදුලෙ පහන් කනුවක් තිබුනා....බුදුන්ට පහන තියන ගමන්ම මිදුලෙ දෙවි කෙනෙක් වෙනුවෙනුත් පහනක් දැල්ලුවා....
මේ මොහොතේ ඒ පහන පාමුල ටිකක් එහාට වෙන්න එලලා තිබුනේ පන් පැදුරක්......ඒ පන් පැදුර උඩින් සුදු රෙද්දක් එලලා තිබුනා වෙද්දි ඒ උඩ කකුල් එරමිනියා ගොතාගෙන වාඩිවෙලා හිටියේ කෙල්ලෙක්......නිකම් කෙල්ලෙක් නෙවේ කඩාගෙන බිදාගෙන දුවගෙන ආව...අන්තිමට විද්වාන්ගෙ ඇගේ එල්ලිලා මොන මොනවදෝ කියෙව්ව කෙල්ල....
YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?