....
..
උදේ පාන්දරම අවදි වෙන එක කරන්න පුලුවන් දෙයක් නෙවේ කරන්න බැරි දෙයක්...ඒකත් සීතල පැත්තක ඉදන් ඇහැරෙන එක...!...අහිසෙස් ඇදෙන් බැස්සේ ඔලුවෙ ඉදන් බෙඩ්ශීට් එක පොරෝගෙන....ගෝනිබිල්ලෙක් වගේ මුලු ඇගම ඒකෙන් වහගෙන....
..පූහ්හ්හ්හ්හ් සීතයි හුත්තෝ සීතායිහ්හ්හ්හ්හ්හ්හ්.....
අභිසෙස් සීතලට ගැහි ගැහිම මුමුනනවා...ඒ අස්සෙ කොල්ලගෙ කටින් හීත උනු හුස්මත් පිටවෙනවා.....ගඩ ගඩ ගාලා දත් ටිකත් එකට හැප්පෙනවා.....කකුලුත් වෙව්ලනවා.....කොල්ලා ගෝනිබිල්ලා වගේම උඩ පැන පැන ගිහින් රිංගගත්තේ ඇටෑච් බාතෲම් එක ඇතුලට.......කෝටියක් නෙවේ කෝටි සීයක් දෙනවා කිව්වත් අද නම් උනුවතුරෙන්වත් නාන්නේ නෑමයි.........
දත් මැදලා මූන කට හෝදගෙන අත්‍යාවශ්‍ය රාජකාරිත් ඉටුකරගෙන කොල්ලා එලියට ආවත් තාමත් ඒ හීතල එහෙමම්මයි.......ඒත් එයා එලියට එනවත් එක්කම මේසෙ උඩ තියලා තියෙනවා දැකපු දුම් දාන උනු තේ පීරිසිය දැක්ක ගමන් අභිසෙස්ගෙ මූනේ ඇදුනේ කරවල කෑල්ල දැකපු පූසගෙ මූනෙ ඇදුනට හපන් හිනාවක්......
...දෙයියනේ දෙයියනේ......වලලු දාපු දෑතකින් හදපු රසවත් පානයක් නේත මේ.....
අත් දෙකත් අතුල්ල අතුල්ල හරිම උනන්දුවකින් අහිසෙස් ලන් උනේ මේසෙ ගාවට......උයන පිහින වැඩ කරන්නෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා කියලා දන්න නිසාම කොල්ලා වලලු දාපු අතක් ගැන කියෝ කියෝ තේ කෝප්පෙට එබුනත්....ඒ හිනාව නැතිවෙලා යන්න ගියේ හරිම පොඩි වෙලාවයි.....
ඒ කෝපි!...කිරි නැති නිකම්ම නිකම් කෝපි!...මේක නම් අනිවාර්යයෙන් අර පොඩි ඇටයගෙ වැඩක්මයි.....පොඩි හාමු ගෙනත් දුන්නු මගෙ කිරි පිටි බෝතලේ යැයි යැයි තමා...අහුවෙද්දෙන්කෝ......
තියෙන කේන්තියටමද මන්දා අභිසෙස් එක උගුරට කෝපි එක ගහලා දැම්මා....ඒත් කොහේ!..හදිස්සියට කොරොස් කටේවත් අත දාගන්න පුලුවනෑ..ඊලග තප්පරේම කටට ගත්තු කෝපි උගුර පුහ් ගාලා එලියට විසි කරලා අභිසෙස් දිවත් එලියට දාන් දගලන්න ගත්තා.......දැන් ඉතින් කිරි නෙවේ බත් කාලත් ඉවරයි....හොද වැඩේ පොඩි එකාට බැන බැන උනුවෙන් කෝපි බොන්න ගියාට.....
YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?