..
..
..
අභිසෙස්ට සමහර දේවල් හරි අමාරුයි තේරුම් ගන්න.....ගම්මු විතරක්ම නෙවේ එයා ඉස්සරහා හිටගෙන ඉන්න වෛශ්ණ විද්වාන් කියන අමුතුම මනුස්සයව පවා!
..ම්..මන් කෙලී..ව එක්කරාන් එන්ඩද අපෙ ගුරු..න්නාන්සේ. .
වියපත් මිනිහා දෑත් එකතු කරලා වැදගෙන විද්වාන් දිහා බලන්නෙ හරි ගෞරවන්විතව...මොකක්දෝ බයකුත් කැටි කරගෙන....ඒත් ඇයි...මොකටද...ඒ තරම් වියපත් මනුස්සයෙක් මේ වගෙ යන්තම් විසිපහ පැනපු කොල්ලෙක් ලග දෙකට තුනට නැවෙන්න ඕනද......මොනාද මේ වෙන්නේ....ඊටත් වඩා ඒ මනුස්සයගෙ වම් පැත්තේ හිටගෙන ඉන්න බයෙන් බයෙන් වගේ ඔලුව පාත් කරන් ඉන්න කෙල්ල ...අද කාලේ අම්මා තාත්තටවත් දන ගහලා වදින්න කෙල්ලො ඉන්නකොට හිතාගන්න පුලුවන්ද හොදම වයසෙ ඉන්නව කියන කෙල්ලෙක් විද්වාන් ඉස්සරහා මේ තරම් ඔලුව පාත් කරන් ඉන්නෙ ඇයි කියලා...පිරිමියෙක් උනත් දෙපාරක් හැරිලා බලන ඒ රූපේ ලග ඒ ගැහැනු ඇස් දශමෙකටවත් නතර නොවෙන්නෙ කියලා.....
ඇත්ත!...ඒක ප්‍රේමයක් නැතුවම අහිසෙස්ගෙ හදවත පවා පලමු හමුවීමෙන් හිරිවට්ටපු රූපයක්......එහෙව් රූපයක් ලග ගම්මුන්ට නම් ගෞරවය මුසු බයක් හැරෙන්න වෙන හැගීමක් නම් උපදින්නෙම නැති තරම්......
...නොදන්නවා වගේ අහන්ඩ තියාගන්ඩ එපා නන්දිරිස්!...
අභිසෙස්ගෙ ඇස් වාරන නැතුවම දෑත් පිටිපස්සට බැදන් තනි කෙලින් ඈත බලාන කතා කරන රූපෙ ලග නතර උනා....
...ඕකගෙ හුස්මවත් මේ වලව් පොලොවට වදින්ඩ ඕන නෑ....හ්ම්...ඉස්සර වෙයන්.....මන් එන්නම් උබේ කෙලීට සාත්තු කරන්ඩ...
...අපෙ ගුරුන්නාන්සේ....
අහිසෙස්ට දැන් මොකක්ද මොකක්ද වගේ..පස්ස පැත්තෙ ඉත්තෑවෙකුත් ඇනෙනවා ඇනෙනවා වගේ..පුදුම කැසිල්ලක් තියෙන්නෙ දැන් නම් මේ වෙන්නෙ මොනාද කියලා දැනගන්න...බෙල්ලත් දාගත්තු එකේ ඇගේ ඉතුරු බාගෙත් දොරෙන් එහාට ඔබාගෙන ඕපේ දැනගන්නමයි හිත....
විද්වාන්ගේ අප්පච්චි ආයුර්වේද වෙද මහත්තයෙක්...ඒක හරි...එතන සැකයක් නෑ....එතකොට විද්වාන් ඉපදිලා තිබුනෙම අම්මගෙ මල ගමත් එක්ක.....ඒකත් හරි....හිතන්න තරම් දෙයක් එතන නෑ...ඒක සාමාන්‍යයි....හැබැයි විද්වාන්...!...ඒක කොයිතරම් දුරට සාමාන්‍යයි ද...අප්පච්චි වෙද මහත්තයෙක් නම් පුතා ඇත්තටම කවුරු වෙන්න පුලුවන්ද ..ගම්මු කියන්නෙ ගුරුන්නාන්සේ කියලා...ඒත්....ඔය ගුරුන්නාන්සේ කියන වචනෙට තේරුම් කීයක් නම් තියෙනවද...සමහර දුශ්කරම පැතිවල ගුරුවරුන්ටත් ගුරුන්නාන්සේ කියලනෙ කියන්නේ.....
YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?