..
..
..
..
..
..
"අහිසෙස් දන්නවද........."
පියවුනු ඇස්.......ඒ ඇස් මතින් දැවටුනු ඉහලට වක් උනු ඇහිපිය......ගනකම් ඒත් සියුම් රටාවකට මැවුනු ඇහිබැමි......ඒ මතින් හීන් හුලගත් එක්ක දැවටීගෙන යන අහංකාර කෙහෙරැලි.......හිනාවක් ඇදීමැකී ගිය පියවුනු ලා දෙතොල්........විද්වාන්ගෙ මූනේ ඇදිලා තිබුනෙම හරි සන්සුන් උනු පෙනුමක්.....
"කට වචනෙට කුමාරයා කුමාරයා කිව්වත් ඒකා ඇත්තටම කුමාරයෙක්....උබලා විස්වාස කලත් නොකලත් ඒකා රජෙක් වෙන්ඩ ඉපදුනු කුමාරයෙක්...."
විද්වාන් පපුව පිරෙන්න හුස්මක් ඇදලා අරන් පිට කරනවා.......ඒ හුස්මේ ගැබුරටමදෝ ඒ තොල් අග හිනාව එන්න එන්නම පුලුල් වෙනවා.......අත් දෙක පසුපසට බැදන් ඉන්න පොඩ් හාමු තැනගෙ ඇගිලිතුඩු මුවින් පිටවෙන වචනයක් පාසාම දිග ඇරෙමින් ඇකිලෙනවා.....
"ඇත්ත නැත්ත හරියටම කියන්ඩ අමාරු පුරාවෘත්ත කන්දරාවක් තියෙනවා....ඒ හැම එකක්ම ඒකා ගැන නානාවිධ කතා කියනවා....."
"එකෙක් කියනවා ඌ හයවන පරාක්රමබාහු රජතුමාගෙ පුතා වෙච්චි සකලකලා වල්ලභට දාව ඉපදුනාලු...උඩුගම්පොල කියන ප්රදේසේ වාසභවන කරන් ජීවත් උනාලු.....ඒත් අග බිසවගෙ දරුවෙක් නොවුනු නිසා රජකම දෙන්ඩ බැරි උනාලු...."
"කලු කුමාරයා....!"
"කටවහරෙට එහෙම කිව්වත් ඒකව අමතන හරිම නම උනේ කාලිය කුමාරයා.......
දේව යාගහෝම පවත්වලා....අවුරුදු ගනන් දෙවියන්ට කන්නලව් කරලා ඉපදුනු පින්වන්ත කුමාරයා....."අහිසෙස් නිහඩව සවන් දෙනවා....හීනියට හමාගෙන යන හුලගත් එක්ක......සුදු පාටින් බතික් රේඛා ඇදුනු විද්වාන්ගෙ කලු සරමේ කොනක් යාන්තමට පැද්දෙනකොට......ඒ කලු සරම එක්ක හාමු උනු කලු කමිසෙ නිසලව ඉන්නෙ කොහොමද ඒ හා සමානව අභීත් නිහඩව සවන් දෙනවා..
"කිව්වත් වගේ ඒකා ඇත්තටම පින්වතයිද....ම්ම්....පින්වන්තයි.....වයසෙන් වැඩෙනකොට...එන්ඩ එන්ඩම තරුන වෙන්ඩ ගන්නකොට ඒකාට තිබුනෙම පින්වත්ත රූපයක්....කලාතුරකින් පිරිමියෙක්ට පිහිටන තද දුබුරු පාට....කලු පාටකට හුරු හමත් එක්ක ඒකට තිබුනෙම දේහදාරී සරීරයක්....රජෙක් වෙන්නම ඉපදුනු....එක බැල්මෙන් ගෑනුන්ව පිස්සු වට්ටපු රූපයක්....."

YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?