⚫16⚫

849 139 96
                                    


..

..

..

    වැහිලා ගිහින් තිබුනු ඉහලට වක් වුනු ඇහිපියවලට හිමිකම් කියන මුරන්ඩුකාර දෙනෙතක් විවර වෙලා.....ඒ විවර වුනු ඇහිපිය අස්සෙන් හරි හැටි කිසිවක් නොපෙනුනත්....ඒ සවන් නම් මංමුලා වෙලා යන්න ගිහිල්ලා.....



දරුවෙක් අඩන හඩක්....
වෙද කාමරේ ඇතුලින්ම ඇහෙන බවක්......
හදවත සසල කරන තරමෙ හැඩීමක්......
ඒ එක්කම පපුවට දැනෙන මොකක්දෝ අමුත්තක්.......




   අලුත ඉපදුනු දරුවෙක්.....ඔව් ඒ රැහැයියෙක් ගානට හුස්මක් හිර කරන් අඩන බඩගිනි උනු දරුවෙක්..ගැහැනුන්‍ට උවත් කිරි එරෙන තරමට මහ හඩින් හඩා වැටෙන දරුවෙක්.....



      ඒක ඇහෙන්නෙ කාමරය තුලින්මයි...අනවසරෙන් කාටවත් ඇතුලු වෙන්න අයිතියක් නැති......ඇතුලු වෙන්න හිතන්නවත් බැරි වෙද කාමරය ඇතුලෙන්මයි.......ඉතින්.....ඒ හඩ ඇහි ඇහිම...ඒ කිරි දරුවගේ ඇඩීමට ගතේ හිරි පිපෙන බව දැන දැනම ඇරුනු ඇස් පියට මුරන්ඩු වෙන්න දීලා විද්වාන් ඇස් පියාගත්තා.......ඒ හඩ නෑහුනු ගානට පුටු ඇන්දට ඔලුව හේත්තු කරන් බර හුස්මක් පාත හෙලුවා...


   මොකද කිව්වොත් සමහර දේවල් තියෙනවා ඇහුනත් නෑහුනු ගානට ඉන්න වෙන....!



   ටිකකින් ඒ හඩ නැවතුනා......ඒ එක්කම වාගේ විද්වාන්ගෙ පියවිලා තිබුනු ඇස් තවත් පියවෙලා ගියා.......මොහොතකට කලින් ඇහිපිය විවර උනු නිසාම ඇහිබැමට පහලින් ඇස්වල තවරලා තිබුනු උකු දියරය යම්තමින් තැවරිලා තිබුනා වෙනකොට....ටිකෙන් ටික ඒ උකු දියරයත් වේලිලා යන්න ගත්තා...ඉර එලිය හෙමි හෙමින් ගලන් ආව කවුලු මැද්දෙන් හීන් හුලගක් දැනෙන නොදැනෙන තරමට ඇතුලට ගලා එන්න ගන්නකොට....විද්වාන්ගෙ ගුලිවෙලා තිබ්බ ඇගිලිතුඩු නිදහස් වෙලා යන්න ගත්තා.....පොලොවට තද උනු ඇගිලිතුඩු බුරුල් වේගෙනම යද්දි......ඒ ගෙල පුටු ඇන්ද මතම මදක් ඇලවිලා ගියා.....







  ඕන නම් මොහොතක් ගත වෙන්න ඇති...ඒ ඇස් තදින් පියවිලා විනාඩි කීපයක් ගත වෙන්න ඇති.....



...අහ්...





  ඒ වැහිලා තිබුනු ඇස් හරි ඇතුලෙන් ඇහිබෝලය හරි කලබලෙන් එහෙ මෙහෙ වෙන්න ගත්තා.....සන්සුන්ව වැටුනු හුස්ම හරි ඉක්මනට නොසන්සුන් වෙන්න ගත්තා....පියවිලා තිබුනු තොල් පට තව තවත් එකිනෙක මත තදවෙලා යන්න ගත්තා...ඒත් එක්කම වගේ ලිහිල් උනු දෙපා ආයෙමත් තද වීගෙන..පොලොව මතට ගුලිවීගෙන යනකොට......ගෙල පිටුපසින් ගලා ගිය දා බිදුවක් ඒ කමිස කර ඇතුලේ නොපෙනී ගිහින් අතුරුදන් උනා.....



කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now