⚫06⚫

887 165 67
                                    

..

..

..

..අලුත් මහත්තයා දන්නෙ නැද්ද තුංමන්හන්දි ගානේ බැදුම් කන්නෙ නැති විත්තිය......



   දෙයියනේ ඒ වැදුනු පාර නම් කන් දෙකත් එක්ක කීන් ගෑවා.......පිටම පුපුරලා වගේ හැගීමක් දැනුන.....එක අතකින් පිටත් අල්ලන් හොදවයින් කුනුහරුපයක් කියලා අමතන්න බලාගෙනම හැරුනා උනත් අහිසෙස්ගෙ වචන ගත් තැනම ලොප් උනේ පපුවට අත් බැදන් එයා දිහා බලන් ඉන්න රූපෙ දැකලා.....


..අ..හ්..ම්..මේ සිතු..ඔයා මොකද මෙහෙ කරන්නේ...

..ඇයි මට මෙහෙ එන්ඩ බැරිද.....



      කොට උනාට නම් මොකද හොදම එකෙන් රවාලා සිතූ ගස්සගෙන වගේ අහිසෙස්ව පහු කරගෙන ඉස්සර උනේ නොරිස්සුමට වගේ... ඒ එක්කම කියන්න ඕන මොනාද කියලා හිතාගන්න බැරි උනු අභිසෙස් බුක් බුක් ගාලා ඇහිපිය දෙකක් ගහලා මෝඩයෙක් වගේ සිතු පස්සෙ යන්න ගත්තේ වටපිටත් බල බල....මේ ඇටයගෙන් ගුටිත් කාලා තව ගෑසුත් බලපන්කෝ.....



...එන්න බැරි කතාවක් මන් කිව්වෙ නෑනේ....

..නෑ එහෙම තමා කිව්වේ....අලුත් මහත්තයා මූන හදාගෙන හිටියෙත් එහෙම කියන්ඩ නෙවේද...

..මන් කොහෙද!..

..අනේ මේ අලුත් මහත්තයා!..කරන්ඩ පුළුවන් හැමදේම කරලා තව අහිංසක මට චෝදනා කරන්ඩත් එනවද...අනේ ඇත්තමයි ලැජ්ජාවක් කියලා නාමයක් නැති හැටි...

..අහි‍ංසක!..කොහෙද බොල ඇටයො තොගෙ අහිංසක ...අහිංසක හින්දම වෙන්නැති පොල් ගහනවා වගේ පිටට ගැහුවේ...

..ආහ් දැන් මන් ගහපු එකද ඔය අලුත් මහත්තයට තියෙන ප්‍රශ්නේ.....

..ඔව් යකෝ...ඒකතමයි...ගහපු පාරට තාම පිට කිස් කනවා.....ඔය කෝටු අතින් එච්චර සැරට ගැහුවෑකිද සිතුවෝ....මන් නම් හිතුවෙම යකෙක් ගැහුවා තමා කියලා....

..ඔව් ඔව්...මන් හිටියෙ නැත්නම් බලාගන්න තිබුනා අලුත් මහත්තයට යක්කු ගහන අපූරුව....ලැජ්ජ නැතුව තවත් ඔය මංගල්ලේ අතේ තියන් ඉන්න හැටි....අනේ ඇත්තමයි අලුත් මහත්තයෝ මට නම් බෑ ඔය හැටි පස්සෙන් ඉදන් පරිස්සම් කරන්ඩ.....පොඩි හාමු කියන නිසා මිසක්කා මට නම් ඕනෙම නෑ මේ පිටගම්කාරයෝ පස්සෙ වැටිලා ආරස්සා කරන්ඩ....මීට වඩා හොදයි හරක් පට්ටියකට ගිහින් උන්ගෙන් එකෙක්ට අකුරු සාත්තරේ උගන්නනවා...එනවා නම් එන එකයි ඇත්තේ ඔන්න මන් දන්නෙ නෑ මන් නම් යනවා යන්ඩ....ඇයි දෙයියනෙ කරන්ඩ මෙච්චර වැඩ තියෙද්දී මට පුලුවන්ද නාබර හරක් පස්සෙ වැටෙන්ඩ.....



කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now