⚫13⚫

764 150 50
                                    

..

..

...









     අඩක් තෙත් උනු ...තවමත් තෙත රැදුනු නිරුවත් යටි පතුල් නාන කාමරයේ සුදු පාට ටයිල් පොලොවෙන්....රතු සිමෙන්ති පොලොව මත ස්පර්ශ වෙනකොටත් වලව්ව ගිලිලා තිබුනේ අඩ අන්ධකාරයක....ස්තෝප්පුවට වෙලා රන්ඩු වෙන ගමන් හිටිය අභිසෙස්ගෙත් සිතූගෙත් චායාවක් පේන්න නැති වෙනකොට...වලව්වෙ තිබුනු අඩ අන්ධකාරයෙන්ම තේරුනා දැනටමත් එයාලා නින්දට වැටිලා කියන්න....

    වලව්ව පුරාම අන්ධකාරය පැතිරිලා ගිහින්.....ඒත් ස්තෝප්පුවේත්......කුස්සිය පැත්තෙත් විතරක් ආලෝකයක් ඉතිරි වෙලා......අන්ධකාරය අස්සේ ඉතුරු උනු එකම ආලෝකය විද්වාන්ගෙ ඇස්වලට දැනෙනවා....අන්ධකාරයක් මැද්දෙන් ලයිට් එලියක් විතරක් ඉතුරු උනාම දැනෙන ඒ සැර බව ආලෝකයට සංවේදි ඇස්වලර කොහොමත් හොදින් තේරෙනවා........කවුලුවලින් සාලෙට පෙරිලා එන ආලෝකය විද්වාන්‍ට නොපෙනුනත් විවිධ හැඩයේ රටා රතු සිමෙන්ති පොලොව මත මවලා තියෙනවා.......ඉද හිටක කවුලුව ලගින් පියාබන වවුලෙක්....නැත්නම් ලයිට් එලියට ඇදෙන මෙරුවෙක් නිසා ඒ රටාවල හැඩය වෙනස් වෙද්දි...විද්වාන්ගෙ නිරුවත් දෙපා අනුකම්පා විරහිතවම ඒ රටා බොද කරගෙන ඇවිදන් යනවා......



     වලව්වෙ වැඩපල කරන්න මිනිස්සු කීයක් හිටියා උනත් අවසානෙට නින්දට වැටෙන කෙනා පොඩි හාමු වෙලා...හරියටම කිව්වොත් ඒක දැන් පුරුද්දක් වෙලා.....ඉන මත සුදු පැහැ ගත්තු තුවාය දවටන් ඒ පුරුද්ද නිසාම වලව්ව පුරා පියවර කීපයක් ඇවිදලා හැමදේම සන්සුන් ද කියන්න හොයලා බලන විද්වාන් ආයෙමත් කාමරේට යන්නේ නිදහසේ ඇදට වැටෙන්න බලන්.......අදත් ඒ වගේමයි.......විද්වාන් තෙත්කාපු යටිපතුල්වලින් වලව්ව පුරා ඇවිදලා බැලුවෙ සැනසීමක් දැනෙනකම්........

   මොකද කියනවා නම් වලව්වට ගරු කරන්නේ...වලව් ඇත්තන්ට හිස් පහත් කරන්නේ පන ඇති මිනිස්සු විතරමයි......කරාපු ගුරුකමක් ආයෙමත් කැපුවෝතින්......අන වින කොඩි විනයක් කරලා විද්වාන්ගෙ බල බිදවන්න හැදුවොතින්..අමනුස්සයෝ කඩාගෙන බිදගෙන රිංගන්න තනන්නෙ අනුකම්පාවක් නැතුවමයි.........ඇහිපිය ගහන පමාවට ජනෙල් පඩියක රැදිලා තියෙන්න පුලුවන් පන ඇතී පූසෙක්ගෙ පිල්ලියක්...එහෙම නැත්නම් මතුරපු සතෙක්ගෙ පිලිරුවක්.......මොනාම හරි දෙයක්......මනුස්සයෙක් ගෙනත් දාන්නම ඕන නෑ.........උන්ට පුලුවන් තනියම ඇවිල්ලා අදාල කෙනාට හානියක් කරනකම් බලන් ඉන්න...මන්තරේකින් විතරක්ම පන ගහලා මනුස්සයෙක් සුන්නද්දූලි කරලා දාන්න.......



කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now