⚫09⚫

819 169 87
                                    


..

..

..
.






..මොකද...

..මොකද කියලා තමා මාත් අහන්නේ...





        එන්න එන්නම හැන්දැ අදුර අහස ගිලගෙන.....අදුරටත් වඩා රබර් ගස් මුදුනින් ගලාගෙන එන මීදුමට අහසම වැහීගෙන.....වලාකුලුද නැත්නම් ඒ මීදුමද....හිතාගන්න බැරි තරමට ඈත කදු මුදුනත් සුදු පාටින් හංගගෙන......



      ඇදුමට උඩින් දාගත්තු ජර්සිය තවත් ටිකක් හිර කරගෙන අභිසෙස් රවලා බැලුවෙ සිතූ දිහා......නිකම් හිටියෙ නැති සිතූත් ආපිට රවලා බැලුවේ අහිසෙස් දිහා.....අලුත් මහත්තයට එච්චර පුලුවන් නම් සිතූට කොච්චර පුලුවන්ද...මෙතන!




..ඇයි අද කිරිපිටි හොරකමේ යන්නෙ නැද්ද මෙතනට වෙලා හොරගල් අහුලන්නේ...

..අනේ මේ..!..අලුත් මහත්තයා දන්න ඉටි ගෙඩිය....කවුදෑ කියන්නේ මන් කිරිපිටි හොරකම් කරනවා කියලා......පොඩි හාමු කිරිපිටි ගෙනත් දෙන්නෙ මට බොන්ඩ තමා...සෙම ඇවිස්සෙන නිසා අපෙ අම්මා බොන්ඩ දුන්නෙ නැතුවට ඒ බෝතලේම මගෙ තමා....අනුකම්පා කරලා අලුත් මහත්තයටත් මගෙ කිරිපිටි බෝතලෙත් බාගයක් දෙන්ඩ උනා මදිවට තව ඇනුම් පදත් අහපල්ලකෝ...ඇයි අප්පා...අනේ මේ අලුත් මහත්තයෝ...මෙයින් පස්සෙ නම් මන් කිරිකෝපි හදන්නෙ නෑමයි...අලුත් මහත්තයට ඕන්නම් හදාගෙන බොන එකයි ඇත්තේ...ඒකත් ටවුමෙන්ම ගෙනල්ලා.....බලාගමුකෝ ආයෙ මගෙ කිරිපිටි බෝතලේ දිහා ඇහැක් ඇරලා බලලා තිබ්බොත්....හිතන් ඇති කිරිකෝපි එකක් හදලා දුන්නා කියලා මන් අලුත් මහත්තයගෙ දහම් ගැටවලට අහු උනා කියලා...එව්වා නම් හදේ මහත්තයෝ...හිතන් ඇති මටත් අං දෙකක් තියෙනවා කියලා...පිරිමි හොරකමේ ඇවිල්ලා තමා කිරි හද හද පොවන්ඩත් උනානේ...මෙව්වා නම් සහසුද්දෙන්ම අපේ පොඩි හාමුගේ වැරදි.....වලව්වට වද්ද ගන්ඩ කලින් මගෙනුත් අහන්ඩ තිබ්බනේ මනාපද නැද්ද කියලා......අපෙ පොඩි හාමුත් මට අරියාදුමයි කරන්නේ එන්ඩ එන්ඩම....


   අභිසෙස් යටිතොල හපන් ෆෝන් එකට එබුනා.....දැන් නම් හිනාව එලියට පනින්න ඔන්න මෙන්න...කියන මෙලෝ දෙයක් නොතේරුනත් මේ පොඩි ඇටයව අවුස්ස ගන්න එකනම් කොල්ලට පුදුම විනෝදයක්.......



කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now