....
..
...සරස්!...
වේලුනු කොල අතු පොඩි වෙලා යනවා.....
...සරස්...!....
ඒ වෙලුනු කොල මතින් පියවර හඩක් ඇහෙනවා.....
...සරස්.......
වේලුනු කොල පොඩි කරගෙනම තෙත් කාපු පොලොව මතින් බර අඩි හඩක් ඇදෙනවා........
..සරස්...!!
රත ගහපු දෑතක ඇගිලිතුඩු හෙමි හෙමින් ගහක කදක් වටා තද වෙනවා........
වෙරලු ගස් යායක් මැද කොයිද පිච්ච මල් සුවදක්........විද්වාන්ගෙ හිත එයාගෙන්ම අහනවා.....ඒ උනත් උත්තර දන්න ප්රශ්නයක් ලග...ඒ සීතලට වෙව්ලුම් කන යටිතොල එයාටම හැපිලා යනවා..... .. බරැති පියවර හඩ ලගින් දැනෙන වාරයක් පාසා වෙරලු කදටම නිරුවත් පිට තද වෙනකොට ඒ ඇගිලිතුඩු ගහේ කද වටා තදින් එතෙනවා......
අහේතුවක ඉනෙන් ගැලවිලා ගිය තුවාය....විද්වාන්ට තවමත් දැනෙනවා ඒ තුවායෙ කොනක පහස......පහතට බර උනු පාට බොද උනු ඇස්වලට අයිතිය කියන ඉහලට වක් උනු ඇහිපිය නිවී සැනසිල්ලේ රත ගහපු කම්මුල් මතින් හාදු තවරගෙනම සැලි සැලී යන්න යද්දි......හෙමි හෙමින් දැනෙන පිච්ච මල් සුවද උරාගෙන ඒ පපුව තාලෙකට උස්පහත් වෙනවා....ලා දුබුරක් ගහපු තන පුඩුවලට හීතලත් එක්ක ඇවිලිලා යන්න ඇරලා ඒ පපුව තමන්ගෙ පාඩුවේ හුස්ම ගන්නවා.....
පොඩි ගුරුන්නාන්සේගෙ තෙත්කාපු කෙහැරැලිවලින් අඩක් මූනට වැටිලා.....ඇහිපියත් එක්ක ඔරොප්පුවෙන්දෝ ඇස්වල බැල්ම මග අහුරන්න තනනවා....ගෙල දෙපසින් ඇලුනු කෙහැරැලිවලින් තවමත් එක දෙක වතුර බින්දු ගලාන යන්න යද්දි ඒවා අවසර නැතුවම නිරුවත් උඩුකයක් සිප ගන්න වරම් යදිනවා......හීතල මීදුමත් එක්ක පොර බදින තවත් හීතලක් ලග ලගම ඇදෙන බව දැනගෙනදෝ ජල බිදුත් නිකැලැල් නිරුවත් උඩුකයක් අනවසරයෙන් ඉදුල් කරන්න හදනවා.......
කෑ ගැසීම්....උදව් ඉල්ලීම්...හුලන් හඩ..අඩුම ගානේ කුරුලු කුජන!...මේ මොනවත් නැ...හැමදේම හරි නිහඩයි.......කෑලි කපන්න පුළුවන් අදුරටත් වඩා බියකරු වෙන කුට්ටි කරන්න පුළුවන් නිහඩතාවය හිතුවටත් වඩා නපුරුයි........විටින් විට...දෝංකාරයක් හා සමානව ඒ නිහඩතාවය බිදින කොල අතු පොඩිවෙන හඩ ඇරෙන්න විද්වාන්ට එයාගෙ සන්සුන්ව ගැහෙන හද ගැස්ම පවා ඇහෙන තරමට මේ නිහඩබව හරි කුරිරුයි...
YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?