..
..
..
ඉර එලිය වැඩිපුරම ආඩම්බරකම් කරන්න ගන්නෙ මහ පාන්දරට......රෑ යාමෙට අයිති කරගන්න හදට විතරක් කවි ලියන නිසාදෝ ඉර නම් පායගෙන එන්න හදන්නෙත් හරි කම්මැලිකමට...මහ පවුරක් ගානට අහසෙ පැත්තක්ම අයිති කරන් උන්න කදු වලල්ල අස්සෙන් හෙමි හෙමින් උඩට එන්නෙම තියෙන ආඩම්බරකමට මිස වෙන මොනවටද...අනේ ඇත්තටම දැන්වත් ඔය ආඩම්බරකම පැත්තකට දාලා පායලා ඇවිත් මේ හීතල නැති කරලා දාන්න බැරිද......
එහෙ මෙහෙ උනු ජනෙල් තිරය අස්සෙන් පේන ඈත කදු වලල්ල දිහා විද්වාන්ගෙ ඇහිපිය බලන් හිටියේත් හරි උදාසීනව.......ඉරට පායලා එන්න හිතක් ඇතිවා වගේම විද්වාන්ටත් ඇදෙන් බහින්න හිතක් නැති වෙලාද...එක කම්මුලක් කොට්ටයක් මතට තද කරගෙන......ගනකම් ඇද රෙද්ද අස්සට ගුලි වෙලා විද්වාන් බලන් හිටියෙම මේ හීන් අදුර මකලා දාලා ඉර නැගගෙන එන්නෙ කොයිවෙලාවෙද කියන්න...
හැමදාම මහ පාන්දරින් නැගිටින්න ඕන කියලා දෙයක් නෑනේ....විද්වාන්ට ඕන උනා අදවත් ටිකක් දවල් වෙනකම් ඇස් පියාගන්න....ඒත් කොහෙද වැඩිපුර නිදාගන්න හිතන දවසටම විද්වාන්ගෙ ඇස් ඇරිලා තිබුනා වෙනදටත් වඩා කලින්ම......
කදු වලල්ලෙ ලගින්ම තිබුනු කදු මුදුන අස්සෙන් හෙමි හෙමින් ඉර නැගගෙන එනවා පේනකොට......පුලුන් වගේ කුට්ටි ගැහුනු වලා අහකට පාවෙලා යන හැටි පේන්න ගන්නකොට...විද්වාන් ඇද රෙද්ද පැත්තකට දාලා ඇදේ කෙලින් උනා....කොයිතරම් හීතලක් තිබුනත්....ඒ හීතල අවුරුදු විසි පහක් තිස්සෙ විද්වාන්ගෙ ගතට තදින්ම බැදීගෙන හමාර වෙනකොට.......නිරුවත් පතුල් රතු සිමෙන්ති පොලොව මත තද කරලා ඇදෙන් බැස්සා........
වලව්වෙ පොඩි හාමු තැන අවදි උනාට මොකද වැඩට ඉන්න උදවිය නම් තවමත් නිදි පාටයි.....පහල ලිදට නොයා නාන කාමරෙන්ම නාගෙන ඇදුමක් මාරු කරගන්න තුරුම වලව්ව පුරා පැතිරිලා තිබුනේ පුදුමාකාර නිහඩකමක්.......හරි සන්සුන් බවක්........
කාමර ගනනාවක් එක්ක...විසාල විසිත්ත කාමරයක්...මැද මිදුලක් වගේම වෙදකම්වලට වෙන් උනු තවත් ඉඩ කොටසක් වලව්වෙ වෙනම තියෙද්දි වලව්වෙ එහා කෙලවර ඉදන් කෑ ගහලා කියන දෙයක් මෙහා කෙලවරට ඇහෙන්නෙ නැතිව ගියා...ඒ වගේම විද්වාන් කුස්සියට යනකම්ම උතුරන කේතලේ හඩත් ඇහෙන්නෙ නැති උනා.....
YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?