..
..
..
මද්දහනෙන් පහු වේගෙන යනකොට නානතොටවල් අතරෙත්.....පාලුවට ගිය කැලෑ මැද්දෙත් රිංගන්න යන්නෙ පරිස්සමට...විස්වාස නොකලා උනාට කැලැ වැදුනු මංතොටවල්වල අමනුස්සයෝ අරක් ගෙන ඉන්නවා සීමාවක් නැතුවම...!
නානතොට ලග....එහෙමත් නැත්නම් ලී පාලම තැනුනු දොල ලග කොහොමත් තිබුනේ නානතොටත්...ඇලකට වඩා විශාලත්වයෙන් වැඩි...ඒත් ගංගාවකට වඩා ප්‍රමානයෙන් අඩු දොලක් කියන්නෙම ගම්වල මිනිස්සුන්ගෙන් පිරුනු තැනක්....පාලමට තිබුනු කොටසෙ පොඩ්ඩක් එහාට වෙන්න ගල් තලාවක් තිබුනා වෙනකොට......වහින කාලෙට නම් දොල ගැලුවේ ඒ ගල් තලාවත් යට කරගෙන.......ඒත් පායන කාලෙක නම් ඉබේ වැටෙන..නැත්නම් වවුලෝ අතෑරලා දාලා යන ගොඩපර ගෙඩිවලින් ගල් තලාව පිරිලා තිබුනා උතුරන්නම....සමහර වෙලාවට ගල් තලාවට වැටෙන ගොඩපර ගෙඩියක් දියසෙවල බැදුනු ලිස්සන ගල් තලාවෙන් රූටලා දොල පාරට වැටීගෙන...දොලත් එක්කම නෑගම් යන්න ගියා වෙනකොට......විසල් ගල් ගුලක්...ගල් කුහරක් වගේ හමු උනු තැනම නම් හේබාගෙන පාඩුවේ නිසලව ගලාගෙන යන්න ගියා.....දිය පාරකටත් චන්ඩිකම් පාන්න පුලුවන් ගල් කුලක් අහින්සක වෙන තරමට විතරද කොහෙද.....
අවුරුදු කීපෙකට කලින් එතැන තිබුනේ ඒදන්ඩක් උනත්..ගම්මුන්ගෙ මැදිහත්වීමෙන් දොල පාරෙන් එගොඩ වෙන්න මේ වෙද්දි ලී පාලමක් තැනිලා තිබුනා.....සවිමත්ව තනපු ලීපාලම දිය රැල්ල නිසාදෝ තරමක් අවපාට වෙලා තිබුනා උනත්...ලීපාලමේ ඉදන් පහතට එබිලා බලනකොට හොස හොස ගාගෙන ගල් කුලකින් පාතට ඇද වැටිලා ආයෙමත් ඔන්න සන්සුන්ව ගලාගෙන යන දොල පාට දැක්කම හිතට අමුතුම සැනසීමක් දැනෙනවා....දොල පාර ගලාගෙන යන්නේ අතු ගංගාවක් පැත්තට.......පාලමේ ඉදන් බලනකොට පේන්නෙම ගල් කුලු අස්සෙ හැංගිලා අතුරුදන් වෙන ඒත්..ආයෙමත් කොහෙන්දෝ මතුවෙන දොල පාර.......ඒ එක්කම දොල පාර දෙපස තිබුනේ ගන කැලැව......නමක් නොදන්න රූස්ස ගල් යාය......පාතට නැවුනු ගස්වල අතුත් රූස්ස ගසුත් නිසා අහසෙ නිල පෙනුනෙත් අතරින් පතරට.....ඒ බැලුවත් වැඩිහරියක්ම පෙනුනේ කන්දෙන් කොටසක් වෙනකොට..පාලමේ ඉදන් බැලුවම පෙනෙන තෙක් මානෙක තිබුනේ දොලත් කැලෑවත් විතරක් උනා....ඒ නිසාමදෝ හිතට දැනෙන්නෙ මහ මූසල පාලු හැගීමක් විතරක් උනා.....
YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?