හැත්තෑතුන්වැනි කොටහා

562 62 38
                                    

" තව ටිකක් මෙහෙම ඉමුකො හාමු. මොකෝ ඉතින් අදත් මයෙ හාමු මහත්තයට ඉස්කෝලේ යන්න තියෙනවා කියලා ඈ.... "


" එහෙනම් අද ඔයා උයන්න. මන් මිදුල් අතු ගාලා ගේ අතු ගාන්නම්. කාලෙකින් මයෙ නිලූෂ හදන කෑමක් කෑවේ නෑ වගේ "















එහෙම කියපු හාමු මහත්තයා තව තවත් මයෙ අස්සට ඇවිල්ලා ආයේ පාත් වුනේ මගේ මූණට. පැටියට නම් තාම නින්ද ගිහිල්ලා. දැන් නම් උදේ හතත් පහු වී ගෙන එන්නෙ.





" ඊයේ රෑ හාමු පැටියට ගැහැව්ව පාර සැර වැඩියි ටිකක් "



" දෙකක් දුන් නැත්තම් ඔය කොල්ලා ආයේ ඇට්ටර වැඩක් කරොත්. බලන්න ඊයේ මන් බය වුණු තරමක්‌ "


එහෙම කියලා මයෙ හාමු මහත්තය ඉස්සිලා බැලුවේ පාපිස්සේ හොදට ගුලි වෙලා නිදන් ඉන්න එයාගේ සුදු මහත්තය දිහා. මයෙ පුංචි බේබී දුන්නා පැටියගේ පස්සටම චටාස් චටාස් ගාලා ගුටි දෙකක් පූසා මැරිල කියලා හිතාගෙන. පූසට මන් කිව්වත් වගේ කලන්තේ දාලා තමයි තිබිලා තියෙන්නේ.



" මයෙ හාමු මහත්තයගේ අප්පච්චි බලන්න වත් අද යන් නැද්ද ම් "


" අද තුන් දෙනාම ගෙදර ඉමු අනේ. හෙට වත් යන්. අද අපි දෙන්නා මොනා හරි විශේෂ කෑමක් හදමුද ඈ.... අර කෑම පොතෙන් බලාගෙන "



" එළෝලු රොටි හදමුද ටින් මාළු එකකුත් තියෙනවා "

හවසට තේ බොන්න එලෝලු රොටි හැදුවා නම් හොදයි තමයි. හැමදාම විස්කෝතුම කන්නත් බෑ නේ ඉතින්.





" එලෝලු රොටී වලට මාළු නෙවෙයි එළවලු නේ දාන්නේ දරුවෝ "



" හරි ඉතින් අපි ටින් මාළුත් දාමු හාමු. එළවලු විතරක්ම කන්න බෑ. පැටියගේ එකට නම් බිත්තරේකුත් දාමු නේද "




" එහෙම කරමු එහෙනම්. මයෙ මනුස්සයා කියන දෙයක් තමයි ඕන් "



හාමු හිනා වෙලා එහෙම කියලා මයෙ කම්මුලටත් හාද්දක් දීලා නැගිටලා ගියේ කාමරෙන් එළියට. අදත් අර මාමා බයිසිකලේ ඇවිදිල්ල එළ කිරි බෝතලෙත් දීලා ගියේ හාමුගේ අතට. ඇති යන්තම් තාම උදේ කිරි එක බිව්වේ නෑ. මන් ලිප පත්තු කරලා උදේට කන්න උයන්න බත් එක ලිපේ තියන්න ගත්තා





අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now