‼️විසිහත්වන දිගහැරුම‼️

60 4 0
                                    

නෙත්රුට අඩි කිහිපයක් පිටුපසින්, බැලූ බැල්මට වැඩබිමේ සේවකයෙකු මෙන් පෙනෙන, හැඩිදැඩි පුද්ගලයෙකු සිටියා. වැඩ බිමේ සේවකයෙකු මෙන්ම කහපැහැ ජැකට්ටුවක් සහ කහ පැහැති ආරක්ෂක හිස් වැසුමක් ඔහු පැලඳ සිටියා. මුව ආවණයකින් මුහුණ වසා සිටි නිසා එම පුද්ගලයා කවුරුන්දැයි හඳහඳුනාගැනීමට අපහසු වූවා. වැඩබිමෙහි කාර්යයන් සඳහා උපයෝගී කර ගන්නා සවලක් ඔහුගේ දෑතෙහි රැඳී තිබුණා.



ඒ අද්භූත පුද්ගලයා දෑතෙහි රැඳී සවලත් සමඟ නෙත්රු සමීපයට පැමිනියා. සිදු වීමට යන දෙය එතරම් යහපත් දෙයක් නොවන බව තේව් දැන උන්නා. තේව් ඒ පුද්ගලයා නෙත්රු වෙත පැමිනෙනු දුටු වහාම වේගයෙන් නෙත්රු වෙත දිව ආවා. එම පුද්ගලයා සිය දෑතෙහි වූ සවල වැරෙන් ඉහලට එසවූවා. තේව්ගේ මුවින් නික්මුණේ එක් වදනයි.







නෙත්රු……”



















තේව් සිය උපරිම වීරියෙන් නෙත්රුව පසෙකට තල්ලු කර හැරියා. ඇසිපිය සලන නිමෙසකින් සිදු වූයේ කිසිවෙකුත් නොසිතූ දෙයකි. නෙත්රු ඉලක්ක කරමින් එල්ල කළ පහර තේව් වෙතට එල්ල වූවා. නෙත්රු හිස ඔසවා බැලූ විට දුටුවේ තේව්ගේ හිසට අර නන්නාදුනන පුද්ගලයාගෙන් පහරක් එල්ල වන අයුරුයි. චණ්ඩ මාරුතය හමුවේ කඩා වැටෙන මහා වෘක්ෂයක් පරිද්දෙන් තේව් බිමට කඩන් වැටුණා.









තේව්…….”























































වැඩබිමේ ඝෝෂාව පරයා යමින් නෙත්රුගේ හඬ ඒ ප්‍රදේශය සිසාරා පැතිර ගියා. තේව් හට පහර දුන් පුද්ගලයා සිය දෑතෙහි වූ සවල බිම දමා එතැනින් දිව ගිය අතර වැඩ බිමේ කිහිප දෙනෙකු ඔහුව හඹා ගියා. නෙත්රු තේව් වෙතට සමීප වී ඔහුව තම දෑත්මත හොවා ගත්තා. 


තේව්! තේව්! මං දිහා බලන්නතේව්….”




තේව්ගේ මුවින් සිහින් කෙඳිරියක් පිටවූවා. තේව්ගේ බොඳ වූ දෑස් අතරින් නෙත්රුව පෙනුනා. ඔහුට නෙත්රුගේ මුහුණ පැහැදිලිව දැක ගැනීමට අවැසි වූවා. නමුත් ඔහුට නෙත්රුගේ මුහුණ අපැහැදිලියි. 


Deja Vu_BL Non Fic_Where stories live. Discover now