“ඩයරි එකක්!! ඒත් මේක කාගෙද?”
ඇය එහි පලමු පිටුව පෙරලා බැලුවා. ඇය එහි සටහන්ව තිබූ නම හා ඡායාරූපය දැක පුදුමයට පත් වූවා.
“මේක……”
“ඉන්ස්පෙක්ටර්, දැන් කොහොමද ඔයාට”
එකවරම කටහඬක් ඇසුනු නිසාවෙන් මදාරා අතෙහි වූ දිනපොත වසා පසෙකින් තබා කටහඬ ආ දෙසට හැරුණා.
“ඔහ්! ඩොක්ටර්නේ මේ”
“ඇයි ඉන්ස්පෙක්ටර්ට මම ඩිස්ටර්බ් කළාද?”
“අහ් නෑ නෑ එහෙම නෑ.”
“ඉතිං ඉන්ස්පෙක්ටර් දැන් ඔයාගේ ශරීරයට කලින්ට වඩා සුවයක් දැනෙනවද?”
“ඔව් ඩොක්ටර්, මට දැන් කලින්ට වඩා ඇඟට සුවයක් දැනෙනවා”
“ම්ම් ඉක්මන්ට ටිකට් කපාගෙන පොලිසියට දුවන්න බොරු කියනවා එහෙම නෙවේනේ?”
“අනේ නෑ ඩොක්ටර්, ඇත්තටම මගේ තුවාලේ කැක්කුමත් දැන් ගොඩක් අඩුයි. අත තමයි ටිකක් තාමත් අමාරු”
“අත හරි යන්න නම් ටිකක් කල් යයි. ලොකු බර වැඩ මුකුත් කරන්න එපා”
“හරි ඩොක්ටර්”
“ම්ම් මං ඔයාට සුභ ආරංචියක් කියන්නයි ආවේ”
“ඒ මොකක්ද ඩොක්ටර්?”
“ඔන්න අද ඔයාට ගෙදර යන්න පුළුවන්”
“ඒ කියන්නේ මගේ ටිකට් කපනවද? අම්මොහ් thank you ඩොක්ටර්. මට මෙහෙම කාමරේටම වෙලා ඉඳලා ඇති වෙලා හිටියේ.”
“හෝව් හෝව්! පොඩ්ඩක් ඉන්න. ටිකට් කැපුවාට ඔයාට තව ටික දවසක් rest කරන්න වෙනවා. මං කියන උපදෙස් ඒ විදියටම පිළිපදින්න වෙනවා.”
ඒ ඇසූ මදාරාගේ මුහුණ හැකිලී ගියා.
“තේරුණානේ?”
“හ්ම්” ඇය නුරුස්සුම් ස්වරයෙන් පැවසුවා.
ඒෂාන් කිසිත් නොපවසා සිය මුවෙහි සිනහව සඟවා ගනිමින් එතැනින් පිටව ගියා.
“හහ්….. මෙහෙම ගියොත් මට පිස්සු හැදෙනවා. අර මෝඩ ගජේන්ද්රසිංහයා නිසා තමයි මේ ඔක්කොම” මදාරා කෝපයෙන් තමාටම මුමුණා ගත්තා.
![](https://img.wattpad.com/cover/367056176-288-k64639.jpg)
YOU ARE READING
Deja Vu_BL Non Fic_
Nonfiksiදෙහදක නිපන් නොකියූ ආදරය 🥀❤️ ආදරය සුන්දර හැඟීමක්. ආදරයට සම්මතයක් ගොඩනැගුවේ කවුරුන්ද? ආදරය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදක්ද? ආදරයක් සෙනෙහසක් නොලැබුණු මට ඒ ආදරය ලැබුණේ නුඹෙන්ම පමණයි.