ධවල වර්ණයෙන් දිලිසෙන ඇඳුමකින් සැරසුණු කාන්තාවක් තේව් අසල රැඳී සිටියා. ඈ ඉතාමත් සුන්දර වූවා. ඇගේ නෙත් නිල් පැහැයෙන් දිදුලන්නට වූවා. ඒ නිල් ඇස් වල කඳුළු කැට පිරී තිබුණි. ඈ ඉතා ආදරයෙන් සෙනෙහසින් තේව්ගේ හිස පිරිමදිමින් බලා උන්නා. ඈ හෙමිහිට තේව්ගේ නළලත උතුරා ගලා යන ආදරයෙන් සිප ගත්තා. ඇගේ දිලිසෙන නිල් දෑසින් තේව් දෙස බලා හෙමිහිට ඈතට ඇවිද ගියා.
“ම්හ්…..”
රාත්රිය පුරාවටම තේව් අසලින් රැඳී හුන් නෙත්රුගේ දෙනෙත් පියැවුණේ ඔහුටත් නොදැනීමයි. නමුත් තේව්ගේ චලනයන් නිසා නෙත්රු හෙමිහිට අවදි වූවා. ඔහු හෙමින් දෑස් විවර කළ තේව් දෙස බැලුවා. තේව් අපහසුවෙන් මෙන් සුළු චලනයන් සිදු කරන අයුරු නෙත්රු දුටුවා. ඔහුගේ මුහුණේ දහඩිය බිඳු කිහිපයක් දිලිසුණා.
“තේව්! තේව්! ඔයාට මාව ඇහෙනවද? ඔයාට අමාරුද? තේව්!”
“ම්ම්හ්හ්..” සිහින් කෙඳිරියකින් පමණක් තේව්ගෙන් නෙත්රුට පිළිතුරු හමු වූවා.
“තේව්!” නෙත්රු හෙමිහිට තේව්ගේ කම්මුලකට අත තැබුවා.
“එ…පා….එපා….යන්න එපා….යන්න එපා.” තේව් හෙමිහිට මිමිණුවා. තේව්ගේ කටහඬ වේදනාබර වූවා.
“තේව්! ඇයි මේ? මාව බය කරන්න් එපා. ඇස් අරින්න තේව්! තේව්!”
තේව් සිය දෑස් විවර කළා. ඔහුගේ නිල් ඇස් කඳුලින් පිරී දිලිසෙන්නට වූවා. ඒ කඳුළු පිරි නිල් ඇස් දුටු නෙත්රු බිය වූවා.
“තේව්! ඇයි මේ?”
තේව් නෙත්රුගේ අත තදින් වැළඳගත්තා.
“යන්න එපා. Please මාව දාලා යන්න එපා.”
නෙත්රු තේව් සිය පපුවට බර කරගෙන හෙම්හිට ඔහුගේ හිස පිරිමැද්දා.
“නෑ තේව්, මම යන්නෑ. මම ඔයාව දාලා කොහෙවත් යන්නෑ.”
තේව් නෙත්රුගේ උණුහුමේ ඒ දෑත් අතර මද වෙලාවක් රැඳී උන්නා. තේව් මදක් සන්සුන් වූ බව වැටහුණු පසු නෙත්රු තේව්ව මදක් ඈත් කර ඔහුගේ නිල් නෙතු වෙත එබී බැලුවා. කඳුළු පිරි ඒ නෙත් මැණික් කැට මෙන් දිලිසුණා. නෙත්රු ඒ නෙත් අග රැඳි කඳුළු බිඳුවක් ඉතා සීරුවෙන් පිසදැමුවා.

YOU ARE READING
Deja Vu_BL Non Fic_
Non-Fictionදෙහදක නිපන් නොකියූ ආදරය 🥀❤️ ආදරය සුන්දර හැඟීමක්. ආදරයට සම්මතයක් ගොඩනැගුවේ කවුරුන්ද? ආදරය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදක්ද? ආදරයක් සෙනෙහසක් නොලැබුණු මට ඒ ආදරය ලැබුණේ නුඹෙන්ම පමණයි.