එදා දවස නම් ඒ හැටි කාලකන්නි දවසක් නෙවෙයි.උදෙන්ම තිබ්බ පීරියඩ් පහම එකදිගට ඉගැන්නුවා.ඒ මදිවට කන්න කියලා දෙන විනාඩි විස්ස ඉන්ටවල් එකෙන් විනාඩි පහකුත් අරන් උගන්නලා තමයි පස්වෙනි පීරියඩ් එකේ ආව ගණන් මැඩම් යන්න ගියේ.
ඉන්ටවල් කියන්නෙ ඉතින් අපෙ උන් මල්ලවපොරේට යන වෙලාව.වෙලාවකට මුං බත් මදිවට ලන්ච් ෂීට්සුත් ඉරන් කනවා මුංගෙ තියෙන නොසැලකිලිමත්කමට.
විශේෂයෙන් අපෙ නිම්නයා.
අපි ඉතින් හොස්ටල් ජීවිත හින්දා ඉන්ටවල් එකට කෑම කන්නෙ කැන්ටිමෙන්.ඒවට ගෙවන්න ඕනි සේරම හිලව් මාසෙ මුලම ගෙවන හින්දා ඉන්ටවල් එකේදි අපිට තියෙන්නෙ පෝලිමේ ඇවිත් බත් එක බෙදන් ගිහින් කන්න විතරයි.
"නිම්නයා.."
අරූ මනෝපාරක් ගහන් බත් කකා ඉද්දි මං බත් එක දිහා බලන් බවුන් එක්ක බත් වඩන්න ගත්තා.බත් එක කන්න ගද්දිත් එක එක විකාරනෙ ඔලුවට එන්නෙ මගෙ.
"මොකද? ඒ ටෝන් එකනම් මට එච්චර ඇල්ලුවේ නෑ සුදු මහත්තයා..."
එහෙමයි කියලා ඌ කන එක නතර කළේ නෑ.රිලා පැටියෙක් වගේ කටට තඩි බත් කටක් ඔබාගෙනම තමයි පොර කතාවට ආවෙ.
"ඉක්මනට කාලා යමන්කො"
මං එක කටක්වත් කන්නෙ නැතුව උට එහෙම කීවෙ ඌ කකා මේසෙ වටේට හලන බත් ඇට ගණන් කර කර.
"මොකද තොට රථ ගායද? දැන් මට යන් යන් ගන්නෙ උඹ කාලා ඉවරද?"
"ඕ..."
"කෝ උඹ ඓර්ධියෙන්ද කෑවෙ?"
"උඹට ඒකෙන් වැඩක් නෑනෙ.කනවනම් කාලා ඉක්මනට වරෙන් මට තව විචාරයක් ලියන්න තියෙනවා!"
"මොකද්ද බං උඹෙ කෙහෙම්මල් විචාරෙ!? ගුත්තිල නෙවේ මෙතනට මැටිල්ඩා ඇවිත් යන් කීවත් මං යන්නෙ මගේ වැඩේ අහවර වුනාම"
මුගෙ පඬිකම බලහල්ලකො.ඔන්න ඔය වෙලාවට තමයි මට මුගෙ බෙල්ල මිරිකන්න හිතෙන්නෙ.
"උඹ කාලා වරෙන් එහෙනම්.මං යනවා"
"කොහෙ යන්නද බම්ලො ! කාපිය මේක!!"
"උඹ කාපන් ඕකත්.අද කොල්ලා ඩයට් කරනවා බොසා"
මං එහෙම කියලා මගෙ බත් එකත් උට දීලා ආපහු පන්තියට ගියා.ඒ අතරෙ නිම්නයා ආමාශෙට උහුල ගන්න බැරි තරමටම කෑම පුරවගත්තා.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30