මදෑ නිදහසේ තේ එකක් බොන්න ආවා.මල මගුලයි යකුනේ.එදා ඉරිදා දවසක් කියලා ගංගා නැන්දා කියනකල්ම මට මීටර් වුනේ නෑ.ඉරිදට කෙහෙල්මල් කෙමිස්ට්‍රි ක්ලාස් යකූ.දැන් වෙලාව කීයද? අඩේ මගෙ ෆෝන් එකත් ආගිය අතක් නෑ.ඕනි මගුලක් වෙන්න කියලා මං තේ එකක අන්නස්‍රෝතෙ දිගේ පහලට දාගෙන එක විනාඩි පහට ඇඳුමකුත් මාරු කරගෙන කන්නාඩි මේසෙ උඩ තිබ්බ *අනම් මනම්* ටික්කුත් උලාගෙන (සැ.යු :- ක්‍රීම් සහ පවුඩර් බව කරුණාවෙන් සළකන්න) අධිවේගෙන් දොර ළඟට ආවෙ ගංගා නැන්දා තඩි බත් එක්කුත් ඔතාගෙන බලන් හිටිය මොහොතක.
"හත හමාරයි බේබි.. දැන් බස් එකේ ගියොත් බේබිට ක්ලාස් නෙවෙයි යන්න වෙන්නෙ.අර මහතුන් එක්ක වාහනේ යන්න"
"මහතුන් අංකල් ආවද නැන්දෙ?"
"ඔව් අන්න යාඩ් එකට වෙලා කාර් එක වොශ් කර කර හිටියා.. මහතුන්...! ඕෂධ බේබිව *** ගාවට දාලා එන්න"
මහතුන් කියන්නෙ සයාශ් අයියගෙ ෆ්‍රයිවර්ට.මේ දවස් ටිකේ පොර හිටියෙ නෑ සයාශ් අයියා ඉස්කෝලෙ යන්නෙත් නැති හින්දා.ඉස්කෝලෙ යද්දි විතරනෙ පොරට ඩ්‍රයිවර් ඕනි.කොහොමහරි ඉතින් අංකල්ගෙ පිහිටෙන් මට අටට කාලක් තියෙද්දි ක්ලාස් එකට ගොඩ බහින්න පුළුවන් වුණා.මං යනකොටත් අර කොහෙන්ද පාත් වුන නිට්ටෑවෙක් වගේ නිම්නයා ඩෙස්ක් එකක් බදන් බුදි මං එනකන්.හොඳ වෙලාවට පොරට වෙන යාලුවෙක් හිටියෙ නැත්තෙ ක්ලාස් යන්න.
"ආ.. බොට කඳයා නිදි වගේ..."
මං ගිහින් මගෙ සීතල වෙලා තිබ්බ අත් දෙක පොරගෙ කම්මුල් දෙකෙන් තිබ්බෙ වටේ පිටේ ඉන්න උන්ට අහවල් මගුල් හිතාගන්න නෙවෙයි.නිම්නයාව අවුස්සලා ලේ ටිකක් පිරිසිදු කරගන්න එකේ අතුරු ප්‍රතිඵල දන්නෑනෙ ඕකුන්."මොන මගුලක්ද ඕයි කරන්නෙ! උඹ දැන්ද ආවෙ? කෝ අහවල් එකා?" නිදි නෑ.මූ නිදි වගේ රඟපපා ඉඳලා තියෙන්නෙ.දැන් ඉතින් මුගෙ කට වහනවා බොරු තමා.
"කවුද?"
"ඇයි අර උඹෙ-"
"අනේ මේ මං කියන්නෑ තොට!" මං කට ඇද කරන් නිම්නයට එරෙව්වා.මට ඕකගෙ ඔය පල් ජෝක් එච්චර අල්ලන්නෑ.
"ඇයි බල්ලො උඹ ෆෝන් එක ආන්සර් කරන්නැත්තෙ?මං කීයක් ගත්තද කෝල්!" ආන්සර් කරන්න තියා මං දන්නෙත් නෑ අලුත ගෙනාව ඇපල් කෑල්ලට මොකද වුනේ කියලා.සමහර විට මං අරූගෙ එක කැඩුව තරහට ඌ මගෙ එක ගත්තද දන්නෑ.අනේ ඔය හුචක්කුවෙන් මට ඇති වැඩේ මොකද්ද.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30