මදෑ නිදහසේ හෑල්ලක් අහන් හිටියා.කොහෙදෝ ඉඳන් අර බුල්ඩෝග්ස්ලා දෙන්නා එතනටත් කඩන් පාත් වුණානෙ.ඒ මදිවට උනුත් දැන් මට පැංචා පැංචා ගානවා.මං නම් දන්න විදියට ඔය පැංචා කියන්නෙ අර වලස් කතාවෙ හිටපු වලස් කොල්ලට.දැන් මුංට මාවත් වලහෙක් වගේ පේනවද දන්නෑ.
"අහ්,උඹලා දෙන්නා කොහෙද ගියෙ? අරුයි මායි හැමතැනම හෙව්වා උඹලව!"
"අනේ අර කෝච්කාරයගෙන් ගැළවෙන්න බෑ බං! අලුත් GC,DGC දෙන්නට මේකෙ සිස්ටම් එක කියලා දෙන්නලු!"
"රෙද්ද තමා සිස්ටම්! අපිනෙ දන්නෙ අපි කාපු කට්ට"
"ඇත්ත ශවීන්.හැබැයි උඹලා කෝච් එක්ක කතා බහ කරලා හිටහන් ඔය ගැන"
උන් තුන් දෙනා කතාව පටන් ගත්තම මං නිකන් අදෘශ්‍යමාන තත්වෙට වැටුනා.
"කෝ නිම්මා?"
"ඌ නිම්න මල්ලිව හම්බෙන්න ගියා"
"අහ් උඹලට දැන් හරි හරියට මල්ලිලගෙ වැඩ නේ? මොකද්ද ඕෂධ මල්ලි උඹලා දෙන්නා එකතු වෙලා මුංට වශියක්වත් කළාද?"
අනේ මගෙ කට! අපිට වෙන වැඩ නෑනෙ අරුනෝධ්‍ය අයියෙ.මුං හිතන් ඉන්නෙ අපි බලෙන් මුංගෙ ඇඟේ එල්ලෙන්න ආවා කියලද දන්නෑ.නිම්නයා නම් සෑහෙන කාලෙක ඉඳන් මේ සෙට් එක එක්ක සෙට්.ඒත් මේ කොහෙදෝ ඉන්න මාව මුංට සෙට් වුනේ මේ ළඟකදිනෙ.ඒකත් අර පහන්කාරයා හින්දනෙ.
"ෂ්..! උඹලට ඒකෙන් වැඩක් නෑනෙ?"
"අඩෝ මූ බලහන්කො බං! උඹට ආයෙත් උණක් හැදීගෙනවත් එනවද අභින්සයො?"
"එහෙම රෙද්දක් නෑ ශවීන්! අහපන්කො.. පහනයා වැඩේ අතාරින්නෑ වගේ බං.සඳරුලා ඊයෙ කීව කතාව ඇත්ත.අර අලුත් පොරත් පහනගෙම අඩිපාරෙ යන්න වගේ හදන්නෙ"
"එහෙම වෙන්න එපෑ ඌ පහනගෙ නෑදැයෙක්නෙ?"
"නිම්න මල්ලිටත් උදේ අනම් මනම් කියවන් ආවා කියලා කීවෙ.දවසක ඔය පහනා නිමේක්ෂයගෙන් මැරුම් කාලා තමයි නවතින්නෙ.ඕං බලහන්කො මං කියන්නෙ බොරුද කියලා"
"අඩේහ් මොන පර බම්ලෙක්ද බං ඕකා!! මේකෙ මල්ලිලාටවත් වසන්න බැරි තත්වයක්නෙ තියෙන්නෙ දැන්?"
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30