ඇයි දැන් මගෙන් සමාව ඉල්ලන්නෙ.මූ යකෝ එක්ටැන් ගේ කුමාරයා වගේ මාව ගෙදරට දාලා දොරත් ලොක් කරලා ගියා මදිවට දැන් සමාවත් ඉල්ලනවා.සමාව දෙන්න මොකද්ද දැන් මෙතන වැරැද්ද? මොන එහෙකට සයාශ් අයියා මෙච්චර ශාන්ත දාන්ත තීන්ත කුප්පියක් වුණාද මංදා.
.
.
.
.
.
.
.
.
.
.
මම..මම හිටියෙ මගේ ඇඳ උඩ.ඒත් කොයි වෙලේද මං නිදාගන්න ආවෙ?ඒවා මං දන්නෙ නෑ.හැබැයි මං ඇස් දෙක ඇරලා බලද්දි මං හිටියෙ ඇඳ උඩ.මං මැරිලද කියලා බලන්න මගේ නළලෙන්ම අත තියලා බැලුවා එවලෙ.මට අහු වුනේ නළල නෙවෙයි හැබැයි.ආයෙත් පාරක් සයාශ් අයියා මගෙ නළලෙ කූලින්ග් පැක් එක අලවලාද කොහෙද.
මං ඊට පස්සෙ ටිකක් වටපිට බැලුවා.බැලින්නම් මගෙ එපා පැත්තට වෙලා ඇඳ වියලට හේත්තුවක් දාන් සයාශ් අයියට එහෙම්ම නින්ද ගිහින්.දැන් මට හිතාගන්න පුළුවන් ඊයෙ රෑ මං මොන විකාරයක් නටලද කියලා.කොහොමහරි ඉතින් මේ වෙද්දි මගෙ ඔලුවෙ කැක්කුම කලින් තරම් තිබුනෙ නෑ.මං ඉතින් සයාශ් අයියා මට පොරවලා තිබ්බ ෂීට් එක උටම පොරවලා දෙපැත්තෙන් කොට්ට දෙකකුත් හේත්තු කරලා ඇඳෙන් බැස්සා.කවුද දන්නෙ අලි බබා වැටුනොත් එහෙම ආයෙ කොන්ද කඩාගෙන මලමගුලයි.
ඈ යකෝ කවුද මගෙ රෙදි මාරු කරපු එකා?මට මතක තිබ්බා මං රෑ ඇඳගෙන හිටියෙ මගෙ සුදු පාට ෂර්ට් එකකුයි ෂෝටකුයි කියලා.හැබැයි දැන් ෂෝට තිබ්බට ෂර්ට් එක අතුරුදහන්.ඒ වෙනුවට දැන් මං ඇඳන් ඉන්නෙ ඉස්සරහ වලහෙක් ඉන්න කලුපාට අත් දිග හූඩි එකක්.
පොඩ්ඩක් හෝව්.. දැන් වෙලාව කීයද? මේ රෑද උදේද? මං ඒක දැනගන්නත් එක්ක කබඩ් එක උඩ තිබ්බ ඔරලෝසුව දිහා බැලුවා.බැලින්නම් යකූ හතයි වෙලාව.රෑ නෙවෙයි මේ උදේ.
මට ඊයෙ වෙච්ච දේවල්වලින් මතක තිබ්බෙ ටික දෙයයි.ඒක හින්දා මං දැන් නිකන් අහසින් පාත් වුන මූඩ් එකකින් හිටියෙ.කොහොමහරි ඉතින් මං කබඩ් එක උඩ තිබ්බ ෆෝන් එකත් සාක්කුවට ඔබන් කොන්ඩෙත් හද හද බාතෲම් එකට ගියා දත් ටික මැදලා මූණකට හෝදගන්න හිතන්.
විනාඩි දහයක් විතර ඒකෙ අස්සෙ ඉඳලා අන්තිමට මම එලියට එද්දි හතයි දහයයි වෙලාව.මං ඉතින් අරූට නිදාගන්න දීලා ශේප් එකේ පහළ තට්ටුවට ගියා බඩට මොනාහරි දාගන්න ඕනි හින්දා.මං නිකන් දුෂ්කරක්රියා කරලා වගේ යකූ.මගේ බඩ මාව කන්න තරම් කෑගහනවා.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30