මගෙ ඔලුව නිකන් මාරයාගෙ දඬුවම් ලිස්ට් එක වගේ.කිසිම දෙයක් හරියට හිතාගන්න බැරුව අගක් මුලක් නැති පාරක අතරමං වෙලා හැඟීමකින් තමයි මං ඒ වෙලාවෙ දැනුනෙ.
"අඬන්න එපා ඕෂි"
ඒක තමයි මං එදා දවසට අහපු ලස්සනම වාක්‍ය.ඒකත් සයාශ් අයියගෙ කටින් පිට වුන එක ගැන මට සෑහෙන්න සතුටු හිතුනා.ඊටත් වඩා ඌ ඒ වෙලාවෙ මාව හග් කරගත්ත එකෙන් මට ආයෙත් ලොකු ආරක්ෂාවක් දැනුනා.මට මීට කලින් මෙහෙම දැනුනෙ අක්කා ළඟ ඉද්දි විතරයි.මොකද කීවොත් මට මගේ නික්නේම් එකෙන් කතා කරන්නෙ මගෙ අක්කා විතරයි.ඒත් දැන්.. ඇත්තටම මේක හීනයක්ද කියලත් මට සැකයි වෙලාවකට.
.
.
.
.
.
.
.
ඔය සිද්ධිය වෙලා විනාඩි පහක්වත් යන්න කලින් අරුන් දෙන්නත් ආපහු ආවා.හිස් අතින් ගියාට ආවෙ නම් අතින් කටින් මලු මලු මොනාදෝ එල්ලගෙන.ඒ වෙලාවෙ මම සයාශ් අයියා මට අලුතින් හදලා දුන්නු නෙස්කැෆේ එකක් බොන ගමන් හිටියෙ කලින් එක හොඳටම නිවිලා තිබුනු නිසා.ඒ මදිවට මගෙ මූණත් හොඳටම රතු වෙලා.ඇස් දෙකත් ජම්බු ගෙඩි දෙකක් වෙලා.ඕනිවට වඩා සෙන්සිටිව් වුනාම ඔහොම තමයි ඉතින්.මේක මගෙ කරුම ජීවිතේනෙ.
"ආ සුදු මහත්තයාලා දෙන්නා.. උඹලා නෙස්කැෆේ බොනවද අපි නැතුව? ඒවා බම්ලු වැඩ ආ!"
නිමේක්ෂ අයියා එහෙම කියන් අරන් ආව කෑම මලු ටික කිචන් එක ළඟම තිබ්බ හුරුබුහුටි කෑම මේසයක් උඩින් තිබ්බෙ මෙහෙ උට නුහුරු තැනක් නොවුන නිසා.ඒ අතරෙ මගෙ බොක්ක ඇවිත් මගෙ ළඟම වාඩි වුණා.
"ආ, ඕනිද?"
මං උට මම බිබී හිටිය නෙස්කැෆේ එක දික් කළේ ඌ ඉල්ලුවත් නැතත් මං උට ඕනි දෙයක් දෙන්න බලන් ඉන්න නිසා.විශේෂයෙන් කෑම ජාති.
"සා වාව්.. රසයි ඈ සයාශ් අයියෙ"
ඌ එක කටට ඒක උගුරට හලාගෙන කෝප්පෙ දික් කර කර සයාශ් අයියට එහෙම කීවෙ කොල්ලා කරකවලා අතෑරියා වගේ හිටිය නිසා.
"උඹලා දෙන්නා මෙච්චර වෙලා කොහෙද ගියෙ?ඇයි නිමේක්ෂ උඹ ඕඩ' එකක් දැම්මෙ නැත්තෙ?"
සයාශ් අයියා එහෙම ඇහුවෙ කිසි දෙයක් නොවුන ගානට.මාත් ඉතින් වෙන දෙයක් බලන් නෙස්කැෆේ එක බිබී බලන් හිටියා.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30